සජිත් පිළ මීගමුවේ වැඩට බහියිද..???

0
77

මීගමුව පසුගිය කාලය පුරාම එජාපයේ බල පොරයේ කිසිදු පිළක ගොදුරක්ව නොපැවතියේය. බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ශිරන්ත රාජපක්ෂ හරහා ජා-ඇලත් එමෙන්ම බස්නාහිර බළාත් සභා මන්ත්‍රිනි රෝස් ප්‍රනාන්දු හරහා කටානත් එමෙන්ම වයඹ පළාත් සභා මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි හරහා නාත්තන්ඩිය ආසන මතට සජිත් ප්‍රේමදාස මහතාගේ සෙවැනැල්ල පතිතව පැවතිණි.

ඒ ඔස්සේ සසුනට අරුණේ සිට විවිධ සජිත්වාදි ව්‍යාපෘති පමණක් නොව   තව තවත් බොහෝ දෑ ක්‍රියාත්මක විය.

එහෙත් මීගමුවේ කිසිදු එජාප දේශපාලකයෙකුට මේ බලපොරයේ සෙවනැලි වැටි තිබුනේ නැත.වරක් මීපුර පුවත්පතට සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින් මීගමුව මහනගර සභාවේ හිටපු විපක්ෂ නායක රොයිස් විජිත මහතා පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ අපට සිටින පරිණතම දේශපාලකයා බවය. එමෙන්ම මීගමුවේ පැවැති ජාතික මට්ටමේ දේශපාලන රැළියක්  සංවිධානය කෙරුන අවස්ථාවේ රනිල් මෙන්ම සජිත් යන දෙදෙනාවම මීගමුවට කැදවා තිබුණි.

දැන් මීගමුවේ අළුත් අර්බුදකාරි තත්වයක් මතුව ඇත.ඒ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන  මහතා සහ විපක්ෂ නායක රොයිස් විජිත අතර ඇතිව තිබෙන විරසකය හේතුකොටගෙනය. මේ නිසාම මීගමු ලයිස්තුවේ කණ්ඩායම් නායකයෙකු හෝ නගරාධිපතිධුර අපේක්ෂකයෙකුද නම්කර නැත.මේ නිසාම එකි ලයිස්තුවේ විවිධ අපෙක්ෂකයන් දැන් තමන් පුරපති අපේක්ෂක යැයි බිත්තිවල අලවාගන්නා තත්වයක් උද්ගතව ඇත.මේ පිළ් බෙදිල්ල අස්සේ සජිත් පිළ මීගමුවේ ඡන්දයට සංවිධානාත්මකව බැසිමේ සුදානම් ඇති බව වාර්තාවේ.

සජිත් පිළේ ප්‍රබල ආධාරකරුවෙක් වු පළාත් සභා මන්ත්‍රී ශිරන්ත අමරසේකර දැනටම වැඩට බැස ඇතැයි ද වාර්ථා වේ.එපමණක් නොව සසුනට අරුණ යටතේ පල්ලිවලට උදව් කිරිමට සජිත් ප්‍රේමදාස මහතා සුදානමින් සිටින බවද වාර්ථාවේ.