කටුනායක පොලිස් ප‍්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබූවන් සිහිකෙරේ

0
88

රජයේ යෝජිත පෞද්ගලික අංශයේ විශ‍්‍රාම වැටුප් පණතට විරෝධය දැක්වීමේ උද්ඝෝෂණයේ යෙදී සිටියදී පොලිස් වෙඩි තැබීමකට ලක්ව ඝාතනය වූ, නිදහස් වෙළඳ කලාප සේවක රොෂේන් ශානකගේ තුන් මස් සැමරුම  අද (2011 සැප්තැම්බර් 01 වන) දිනට යොදා ගෙන ඇති අතර ඒ සඳහා රොෂේන් ශානකගේ පවුලේ සාමාජිකයන් ද, තුවාලලත් සේවක සේවිකාවන් ද, සෙසු සහෝදර සේවක පිරිස ද සහභාගී වීමට නියමිත ය.

මෙදින සැමරුම ඇවරිවත්ත ශෛලබිම්බාරාමය (ඇවරිවත්ත පන්සල) අසලදී සවස 4.30 සිට 6.30 දක්වා පැවැත්වේ. ආගමික වතාවත්, රොෂේන් සිහි කරමින් කෙරෙන පුෂ්පෝපහාරය, ප‍්‍රවීන සංගීතවේදී ජයතිලක බණ්ඩාර සහ ගරු ඇන්ටන් ජයනන්ද පියතුමාගේ සංගීතමය උපහාරය, ප.ව.4.30 සිට 6.30 තෙක් සිදු කරන සත්‍ය ක‍්‍රියාව සහ අධිෂ්ඨාන පූජාව යන අංගයන්ගෙන් මෙම සැමරුම සමන්විත ය.

මරා දැමුණු රොෂේන් හට ලක්ෂ 50ක වන්දියක් ලබා ගැනීමත්, තුවාල ලැබූ සේවක සේවිකාවන් ඇතුථ සියලූම පිරිසට සෞඛ්‍ය පහසුකම් සහ සාධාරණ වන්දියක් ලබා ගැනීමත්, මෙම සිද්ධිය සම්බන්ධව ස්වාධීන සහ සාධාරණ පරීක්ෂණයක් මෙම ක‍්‍රියාදාමයන් මඟින් සංවිධායකන් බලාපොරොත්තු වේ.