මීගමුවේ දැවැන්තම රාජ්‍ය දේපල මංකොල්ලය ?

0
281

beach-park3JPGවෙරළ අයත් වන්නේ රජයකටය.එහෙත් මිගමුවේදි එහි කොටසක් පාලනය කිරිම වසර 13 ක් තිස්ෙස් මීගමුවේ සිටින බලගතුම පුද්ගලයා වෙත නතුව තිබේ.
වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වෙරළ තිරය පසුව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශය පාලනය යටතට පැවරුණි.
වේගයෙන් ජනාකිර්ණත්වයට පත්වෙමින් යන මීගමුව තුල විවේකය ගත කිරිමට ඇති තැන් ඉතා සිමිතය.
මීගමුව වැල්ල යනු අනාදිමත් කාලයක සිට මීගමුවේ පමණක් නොව පිටපළාත් වලින් ද ජනයා පැමිණ විවේක සුවයෙන් ගත කළ පරිසරයකි.
කරත්ත මත නැගි කඩල ඉදිආප්ප තබ්බාගෙන පැමිණ සැදැ සමය ගත කළ අන්දම අදටත් පැරැන්නෝ මතක් කරති.
එහෙත්  නිමල් ලංසාගේ අනාගත දේශපාලන න්‍යාය පත්‍රය වෙනුවෙන් දශක ගණනාවක් මීගමුවේ සහ  අවට ජනයා විවේකයෙන් ගත කළ වැල්ල අහිමි කෙරේ.
එය වැල්ලවිදිය පල්ලියේ භාරයට පැවරෙයි.
ලෝක ඉතිහාසයේ වැල්ලක් අයිති එකම පල්ලිය වන්නේද මීගමුව වැල්ලිවිදිය පල්ලිය විය හැකියි.
කිසිදු නිතිමය පදනමක් නැතත් බලය වෙනුවෙන් ඒ සියළු නීති පසෙක තබා වැල්ලේ අයිතිය පල්ලියට පවරන්නේ කිසිදු දේශපාලකයෙක් පල්ලියට එරෙහිව මීගමුවේදි  කට සොලවන්නේවත් නැති නිසාය.
මෙහි වාසිය ගත් ලංසා කල් යල් බලා එහි මාළු වෙළද සැලේ අයිතියද පල්ලියට පවරනු ලබන්නේ ඒ හරහා එහි ටෙන්ඩරය සිය පියා වෙත ලබාගැනිම අරමුණු කරගෙනය.එපමණක් නොව පසුව එහි එළවළු වෙලදාම් පලක්ද ඇරඹුණි
පළාත් පාලන නිතිය අනුව  එවැනි වෙළද පොලක් පවත්වාගෙන යෑම සිදු කළ යුතුව ඇත්තේ පළාත් පාලන ආයතනයක් විසිනි.
එහෙත් මීගමුව කොයිතරම් දේශපාලනිකරණය වි ඇතිදැයි තේරුම් යන්නේ මේ කිසිදු නිතියක වලංගුභාවයක්  මීගමුවේ දි නැති හෙයිනි.
මෙසේ මීගමුව වැල්ල ජනතාවගෙන් උුදුරාෙගන පල්ලියට දෙන මුවාවෙන් අවසානයේදි වැල්ලේ මාළු වෙළද සැල තම පියාෙග් ආදයම් මාර්ග සරිකරගැනිම සදහා යොදවා ගැණුනි.එය තවත් සරුවට කර ගැනිම සදහා ඉඩ සලසමින් TRIP නම් ව්‍යාපෘතිය යටතේ ලක්ෂ 400 ක පමණ වියදමින් විධිමත් මාළු වෙළද පොලක් එහි තැනේ .
එහි ගිවිසුම් අත්සන් තැබෙන්නේ මීගමුව මහනගර සභාව සමගිනි.
එ් භුමියේ අයිතිය ඇත්තේ පල්ලියට නම් ආදල අායතන එකි ගිවිසුම් ගැසිය යුත්ෙත් පල්ලියත් සමගින්ය.මේ සියල්ලේ ප්‍රතිලාභය දැන් එහෙම පිටින්ම ලාභ ලබන්නේ මෙහි ටෙන්ඩර් කරු විසිනි.
තනි පුද්ගලයෙකු හට සහන සැලසිම වෙනුවෙන් මීගමුව වැල්ලෙන් පලවා හැරෙන ජනයා වෙනුෙවන් බිච් පාක් එකක් හැදෙන්නේ නගර සභාවේ මැදිහත්විමෙනි.ඒ එවකට මීගමුවේ නගරාධිපතිව සිටි ආනන්ද මුණසිංහ මහතා විසිනි.
ඒ වසර 2000 දිය.
නගර සභාව විසින්  නාගරික සංවර්ධ අධිකාරියේ ගත් ණයමුදලකින් එහි වැසිකිලි පද්ධතියක් හැදුණි.
නගර සභාව විසින් මාස 4 ක කාලයක් සදහා මුදල් අයකරන්නට පටන් ගනි.
ආනන්ද මුණසිංහ මහතා 2000 වසරේ අග භාගයේදි පාර්ලිමේන්තුවට යාමෙන් පසු එහි නගරාධිපතිධුරය හිමිවන්නේ නිමල් ලංසා වෙතය.බ
බිච් පාක් එක ටෙන්ඩර කරන්නේ 2001 වසරේදිය.
මේ සදහා ටෙන්ඩර මුදල තින්දු කිරිම සදහා එවකට නගරසභාවේ සිටි ගණකාධිකාරිවරයා පාදක කරගන්නේ නගර සභාව විසින් රථ ගාලෙන් සහ වැසිකිලි පද්ධතියෙන් මාස 4 ක කාලක් තුල අයකර ගත් මුදලය
ඒ අනුව ඔහු ඇස්තමේන්තු කරන්නේ මෙහි ටෙන්ඩරය වසරකට රු ලක් 13 ක් විය යුතු බවය.
එහෙත් මෙයට එරෙහිව වන නගරාධිපති නිමල් ලංසා එය ලක්ෂ 5 ක් දක්වා අඩුකරගන්නේ සිය නගරාධිපති නිලයේ බලය පෙන්වමිනි.
ඒ අනුව 2001 වසරේදි මේ ටෙන්ඩරය සදහා නිමල් ලංසාගේම ගෝලයන් පිරිසක් විවිධ ගණන් යටතේ ටෙන්ඩර් ඉදිරිපත් කරනු ලබන අතර එහි වු අඩු මිල ටෙන්ඩරය ඉදිරිපත් කළ දළුපත බුද්ධික නමින් වු අයෙකු වෙත ටෙන්ඩරය හිමිවේ.එහෙත් එහි  ඇත්ත හිමි කරු වන්නේ නිමල් ලංසාගේ පියාය.
මෙහිදි බදු දෙනු ලබන්නේ රථ ගාල සහ වැසිකිලි පද්ධතිය පමණි.
සමාන්‍යයෙන් නම් විය යුත්තේ අදාල බදු කර ැ විසින්  වැසිකිලි පද්ධතියේ විදුලි බිල ගෙවිම වුවත්  නගරාධිපතිවරයා විසින් අදාල ටෙන්ඩර්  කොන්දේසියට ඇතුළු කරනු ලබන්ෙන් විදුලි බිල නගරසභාවේන් ගෙවන ලෙසය.
පසුව බිච් පාක් එකකට සහ අසල වු බොට් එක නම් වු හෝටලයට විදුලිය මේ වැසිකිලයෙන් ම ගැණුන අතර එහි වාර්ෂික වියදම රු ලක්ෂ 5 කට ආසන්න විය.
එනම් තම පියා විසින් ගණු ලැබු ටෙන්ඩරයේ මුදල වන ලක්ෂ 5 ක නගර සභාව ගෙවන විදුලි බිලට සමාන විමෙන් පෙනේනේ ඉන් කිසිදු අදායමක් නගර සභාවට නොලැබෙන බවය.
තතු එසේ වෙද්දි බිච් පාක් ටෙන්ඩර එතෙක් සිටි සියළු කඩකරුවන් පන්නා දමා අළුත් පිරිසකට බිච් පාක් වෙළදාම් කටයුතු සදහා විශාල මිළ ගණන් යටතේ ඉඩ ලබාදේ.
නිදසුනක් ලෙස ගතහොත් එහි නවතා ඇති අයිස් ක්‍රිම් වෑන් එකක් වසරකට රු ලක්ෂ 5 ක් ගෙවනු ලබයි.
බිච් පාක් එක ඉදිකර ඇති ඉතිරි භුමියේ තනා ඇති කඩවලින් සහ අයිස් ක්‍රිම් වෑන් ඇතුළු කඩකරුවන්ගෙන් මුදල් ගැනිමට කිසිදු නිතිමය පදනමක් නැත.
බිච් පාක් භූමිය නගර සභාවේ වියදමින් අලංකාර කර තිබුනද එය කිසිවෙකු හට මුදල් අය කිරිම කිරිම සදහා පවරා නැති හෙයිනි.
මේ නිසා ඇත්තටම මෙය හැදින්විය හැක්කේ මහදවල් සිදුකරනු ලබන කප්පම් ගැනිමක් ලෙසිනි.
2001 වසරේ සිට දැනට වසර 13 ක් දක්වා මේ ටෙන්ඩරය ලබාගන්නේ නිමල් ලංසා ගේ පියා විසින්ම පමණි.
එහෙත් නගර සභාවේ විරුද්ධ පක්ෂයේ බහුතරයක් දෙනා මේ ගැන මුනිවත රකිති. හේතුව වන්නේ ඇමති නිමල් ලංසාගෙන් ලබාගන්නා පුද්ගලික උදව් සදහා කළ ගුණ සැලකිමක් ලෙසය. ඇතැම් මන්ත්‍රිවරුන් පිළිබදව මේවාට ඕනෑ තරම් උදාහරණ ඇත.ඒවායේ දරුවන්ගේ විවාහ මංගල්‍ය උත්සව සදහා ලක්ෂ ගණන් මුදල් ගැනිම් වල සිය සිය දරුවන්ගේ නිවාස තනා ගැනිම සදහා සිමෙන්ති පළාත් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලබාගැනිම දක්වා පරාසයක මේවා දිවෙයි.
විශේෂයෙන්ම මෙවර බිච් පාක් ටෙන්ඩරය මුදල් කාරක සභාවට පසුගිය මස පැමිණි අවස්ථාවේදි  එය නැවත  ටෙන්ඩර කරනු වෙනුවට 5% පමණක් වැඩිකර දැන් පවත්වාගෙන යනු ලබන ඇමති ලංසාගේ පියා වෙතවම භාරවුණි.ප විපක්ෂයේ නියෝජිතයා වු නස්මියාර් මන්ත්‍රිවරයා මේ ගැන කිසිදු විරෝධයක් පළ කර තිබුනේ නැත.
රටේ පිළිගත්  නිතිය වන්නේ කිසියම් සංදර්ශනයක්  හෝ එවැනි කටයුත්තක් පවත්වනු ලබන්නේ නම් එයට පොලිසිය විසින් අවසර දෙනු ලබන්නේ අදාල කටයුත්තට ශබ්ද විකාශන සපයන අයගේ ලියුම සහ විශේෂයෙන්ම ඒ භුමිය අයිති අයගේද ලිපියක් ලබාගෙනය.
මීගමුවේදි බිච් පාක් එකේ පැවති සියළුම සංදර්ශන වලදි එකි භූමිය හිමි අයගේ ලිපිය ලබාදෙන්නේ ඇමති ලංසාගේ පියා විසින් යැයි වාර්ථා වේ.
පොලිසියද එය පිළිගනි.
මින් අදහස් වන්නේ කුමක්ද?වෙරලේ අයිතය මීගමුවේ තනි පුද්ගලයෙකුට හිමි බවද එසේ නම් එය පවරා ඇත්තේ රටේ පවතින කිනම් නිතියක් පදනම් කරගෙනද?
එපමණක් නොව වෙරළේ කිසිදු ස්ථර ඉදිකිරිමක් නොකළ යුතු යැයි නිති පැවතියද බස්නාහිර පළාත් සභා ප්‍රතිපාදන යොදවා දැන් එහි පිහිනුම් තටාකයක් ඉදිවෙමින් තිබේ.
එයම නිති විරෝධිය.
මෙය ඉදිකිරිමෙන් පසු එය භුක්ති විදිනු ලබන්නේ කව්රුන් විසින්ද?
ඉන් මුදල් උපයා ගැනිමට හිමිකරුවන්නේද ඇමති ලංසගේ පියාම නොවේද?
මේ සා දැවැන්ත මංකොල්ලයක් මීගමුවේ කිසිදු පාලනයක් යටතේ සිදුව නොමැත.
මේ වා ගැන කථා නොකරන විපක්ෂ මන්ත්‍රිවරුන් ආණ්ඩු පක්ෂයට කඩේ යන්නන් මිස අන් කවරෙක්ද?
2013 ඔක් 08 වනදා මීගමුව මහනගර සභාවේ මහ සභා රැස්විම පැවැත්විම නියමිත අතර එහිදි මේ අකටයුතු කම් ගැන ඇමති ලංසාෙග් සෙවනේ වැඩෙන විපක්ෂයේ මන්ත්‍රිවරුන් කිපදෙනා කියන්නේ මොනවාදැය්ි බලා සිටින්නෙමු.