මීගමු රෝහලේ අක්ෂි සායනයේ වෛද්‍යවරයෙකු, රෝගී කතකට පහර දෙයි

2
209

P1100193
මෙම සිදුවීමට මුහුණ පැවේ කටාන ඇත්ගාල ප‍්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුෂ්පා වනිගරත්න නැමැති කාන්තාවකි.  අද පෙරවරුවේදී මෙම සිදුවීම සිදුවී ඇත්තේ රෝහලේ පැවැත්වෙන රෝහලේ අක්ෂි සායනය තුළ ඇස් පරීක්ෂාවකට මුහුණදීමේදීයි. ඇයව පරීක්ෂාවට ලක්කළ වෛද්‍යවරයා අවස්ථා දෙකකදී ඇයගේ මුහුණට දෙවතාවක් පහරදී ඇති අතර ඉන්පසු ඇය මේ පිළිබඳව මීගමුව රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා වෙත දැනුම් දී ඒ පිලිබඳව සිය විරෝධතාවය එම මොහොතේම පළකර ඇත.
සිය වම් ඇසේ  දුර පෙනීම මෙන්ම ළග පෙනීමද දුර්වල තත්වයක පවතින නිසා  නිසා  ඇය පසුගිය සැප්තැම්බර් 01 වැනිදා මීගමුව රෝහලේ බාහිර ප‍්‍රතිකාර අංශයට පැමිණ ඇත. එහිදී ඇයව රෝහලේ පළමු මහලේ අක්ෂි ප‍්‍රතිකාර අංශයට යොමු කර තිබේ.  ඉන් පසුව එම පළමු මහලේ ම පිහිටි 11 වැනි කාමරයට යවා ඇති අතර එහිදී ඇයව පරීක්ෂා කර බැලූ පසුව වෛද්‍යවරු පවසා තිබුනේ ඇයගේ වම් ඇසේ පෙනීම දුර්වල තත්වයක පවතින බවයි. ඒ නිසා එහිදි ඇයට පවසා තිබුනේ සැප්තැම්බර් මස 05 වැනි දින පැවැත්වෙන රෝහලේ අක්ෂි සායනයට එදින උදෑසනම පැමිණෙන ලෙසයි. ඒ අනුව අද පෙරවරුවේදී මෙම කාන්තාව මීගමුව රෝහලේ අක්ෂි සායනය වෙත පැමිණ තිබේ. ඇය තමන් මුහුණ දුන් ඒ සිදුවීම පිලිබදව මෙසේ පැවසීය.
‘ මම 11 වැනි කාමරයට යද්දි උදේ 9.30 ට විතර ඇති. ඒ වෙලාවේ එතැන හිටපු නර්ස් කෙනෙක් මගේ ඇස් දෙකට බෙහෙත් වගයක් දැම්මා. ටිකක් වෙලා මට ඉන්න කිව්වා. විනාඩි 15 ක් විතර ගියාට පස්සේ මාව ඇතුලට අරගෙන අර කොම්පියුටර් වලින් ඇස් පරික්ෂා කරන ඒ මැෂින් එක ළගට යන්න කිව්වා. එතැන හිටියේ පිරිම් දොස්තර කෙනෙක්.  මට ඒ මැෂින් එක ළග ඉදගෙන මැෂින් එකට නිකට තියන්න කිව්වාග ඊට පස්සේ ඇස් ඇරගෙන ඉන්න කියලා ඇස්වලට ලයිට් එකක් ගැහුවා. මගේ ඇස්වලට අර බෙහෙත් දාලා තිබුන නිසා ඉබේම වාගේ ඇස් ඒ වෙලාවේ වැහුනා. අර ලයිට් එලියේ සැරට. ඒත් එක්කම මේ දොස්තර අත මිට මොලවලා මගේ දකුණු ඇස යට ට තදින් පහරක් ගැහැව්වා. මට ඒ වෙලාවේ පුදුමාකාර වේදනාවක් දැනුනා. ඒත් මගේ මාගේ ඇසේ අසනීපේ ගැන හිතලා මම තදින් ඉවස ගෙන හිටියා. ඉන් පස්සේ අයෙත් ඇස් ඇරගෙන ඉන්න කිව්වා.  මම හිතා මතාම තදින් ඇස් ඇරගෙනම හිටියා. ඒත් ඒ ලයිට් පාර ගහද්දී මට ආයෙත් ඇස් වැහුනා. ඒ පාර මේ දොස්තර අර ඉස්සෙල්ලා වතාවටත් වඩා බොහෝම තදින් හා වැරෙන් අර කලින් තැනටම මට ගැහැව්වා. ඒ වෙලාවේ නම් මට ඒ දැනුනු වේදනාව ඉවසගන්න බැරිව ගියා. ඒත් එක්කම මට විශාල අසරණ කමක් දැනුනා. ප‍්‍රතිකාරයක් ගන්න එන ලෙඞ්ඩුන්ට දොස්තරලා මේ වාගේ අමානුෂික විදිහටද සලකන්නේ කියලාග ඊට පස්සේ මම ඒ දොස්තරට කිව්වා මම බෙහෙත් ගන්න මෙතැන්ට ආවේ. මට ගහන්න අයිතියක් ඔයාට නැහැ කියලා. මම එහෙම කියාපුවාහම ඒ දොස්තර හයියෙන් හිනහ වෙවී කියනවා ඔයාගේ ඇස් දෙක ඇරවන්නයි මම එහෙම කලේ කියලා. මම ආයෙත් එයාට කිව්වා මේ විදිහට ලෙඞ්ඩුන්ට ගහන්න ඔයාට කිසිම අයිතියක් නැහැල මම මේක පොලිසියට දන්වනවා කියලා කියාගෙන මම ඒ කාමරයෙන් එලියට ආවා. එහෙම එද්දී තමයි මට දැනුනේ  ඒ දොස්තර ගහපු තැන හොදටම ඉදිමිලා කියලා. ඊට පස්සේ මම පල්ලෙහා හිටපු නර්ස්ලාටත් මේ සිදුවීම කිව්වා. එයාලත් කිව්වා මගේ දකුණු ඇස යට සම්පුර්ණටයන්ම ඉදිිමිලා නිල් පාට වෙලා කියලා. මම පස්සේ රෝහලේ පොලිසියට මේ බව කිව්වාහම ඔවුන් කිව්වා මේක රෝහලේ වෛස අධිකාරිට කියන්න කියලා.මම රෝහලේ වෛස අධිකාරිට  මේ බව කීවාහම ඔහු කිව්වා අක්ෂි සායනයේ ඉන්න විශේෂඥ වෛසවරයාට දන්වන්න කියලා. මම එතැනට පසුව ගියහම රෝහල් කාර්්‍ය මන්ඩලයේ කිසිම කෙනෙක් මට ඒ  අක්ෂි සායනයේ ඉන්න විශේෂඥ වෛසවරයා ඉන්න තැන හරියට පෙන්නුවේ නැහැ.  ඔහොම ඉන්න අතර වාරේදී එතැන ඉන්න අය මට දොස් කිව්වා ඇයි මේ වාගේ මානසික ලෙඩ තියෙන දොස්තරලා ඉන්න මේ රෝහලට ආවේ කියලා. ඉතින් මම පොලිසියට මේ බව පැමිණිලි කරන්න ගියේ නැහැ. එහෙම වුනාම ඒවාට සෑහෙන රස්තියාදු වෙන්න වෙනවාල ඒවාගේම සෑහෙන කරදර වෙන්න සිද්ධ වෙන නිසා එහෙම්මම මම අමාරුවෙන් වේදනාවත් ඉවසගෙන ගෙදර ආවා. ආයෙත් මැරෙන්න වැටිලා හිටියත් මීගමුව රෝහලට නම් යන්නේ නැහැ කියලා මම හිතා ගත්තා. ඒ මට පහර දීපු දොස්තර  උසල රතු මහත කොන්ඩය පස්සට පීරපු පි‍්‍රයමනාප කෙනෙක්. රෝස පාටට හුරු අත් දිග කම්සයක් ඔහු ඇදගෙන හිටියාග ටයි පටියකුත් දාගෙන හිටියා. ඇදලා හිටපු කලිසමේ පාට නම් මට මතක නැ. මට තවම හිතා ගන්න බැහැ ඇයි ඒ දොස්තර කිසිම හේතුවක් නැතිව මට ුර විදිහට තිරිසන් පහර දුන්නේ ඇයි කියලා. මේවාගේ රෝහල් වලට එන ලෙඞ්ඩුන්ට මේ වාගේ අමානුෂික විදිහට දොස්තරලා සලකනවා නම් අපි කෙෙහොමද බෙහෙතක් හේතක් ගන්න භයක් සැකක් නැතිව රෝහල් වලට යන්නේ. මේවාගේ දෙයක් නැවත අනිත් අයටවත් නොවෙන්න අනෙක් අයටත් මේ රෝහලේ වෛද්‍යවරු ගැන අවධානයෙන් ඉන්න කියන්න අවශ්‍ය වූ නිසයි මේක මාධ්‍යට කියන්න හිතුනේ.

2 COMMENTS

  1. Negombo hospital is a notorious place where a girl was raped and throne out of 6th floor balcony by a doctor. Therefore this incidence is negligible but has to be inquired.

Comments are closed.