ගොළු නාගරික මන්ත්‍රින් වැඩි පිරිසක් සිටින්නේ කොයි ලයිස්තුවේද…?

2
92

මීපුර වෙබ් අඩවිය මේ දිනවල විශේෂ සම්ක්ෂණ කටයුත්තක යෙදි සිටි.ඒ මීගමු මහනගර සභාවේ  පසුගිය වසර 4  තුල එහි  සිටි මහජන නියෝජිතයන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබදවය.

එහිදි මුලින්ම අවධානය යොමු කෙරුනේ මහජන ප්‍රශ්ණ වෙනුවෙන් පසුගිය වසර 4 ක් කාලය තුල අඩුවෙන්ම කථා කළ මන්ත්‍රිවරුන් කව්රුන්ද යන්නය. මේ ලයිස්තුවට මේ වන විට වැඩිම පිරිසක් එක් ‍ෙවමින් සිටින්නේ ආණ්ඩු පක්ෂයෙන් විම විශේෂයකි.මෙහිදි අපට කරුණු ඉදිරිපත් කළ නම සදහන් කිරිමට මැති ආණ්ඩු පක්ෂයේ නාගරික මන්ත්‍රිවරයෙක් පවසා සිටියනෙිමල් ලංසාගේ ප්‍රබල ආධාරකරුවෙක් වන ජීවංග මිරන්ඩෝ පසුගිය වසර 8 ට ම මහ සභාවේ කතා කර ඇත්තේ එක් වරක් පමණක් බවය.මේ වාර්තාවටම ඉතා කිට්ටුවෙන් යන  තවත් පිරිසක් සිටි. එනම් බන්ධුල නා ඔටුන්න,වෑවලගේ ස්ටිවන්,නීල් ඩන්ස්ටන්,ෂෙල්ටන් බෝතලගේ, මොහොමඩ් සකාවුල්ලා,අන්සාල් පරිස්,කමල් සිල්වා ,මේ අයගෙන් වැඩිදෙනෙක් එක්කෝ කිසිම දිනක කථා කර නැත.නැතිනම් විනාඩි දෙක තුනක් එක් වරක් හෝ දෙවරක් කථා කර ඇත.මේ අනුව බල කළ ආන්ඩු පක්ෂයේ සිටි මන්ත්‍රින් 14 න් 9 දෙනෙක්ම මේ ගොඩට අයත්ය.

මේ ඝණයේ අය එජපායේ සිටින්නේ දමිළ මන්ත්‍රී සජිත් මෝගන් පමණි.ආණ්ඩු පක්ෂයට යන තෙක්ම සුනිල් සිල්වාද වචනයක්වත් කථා කර නැත.එයට හේතුව ලෙස ඔහු පවසා තිබුනේ හිටපු නගාරාධිපති නිමල් ලංසා මහතා ගරු නගරාධිපතිතුමා යැයි පැවසිමට තමන් ඇකමැති නිසා බවය.( පසුගිය මැතිවරණයේදි නිමල් ලංසාගේ අධාරකරුවන් සහ සුනිල් සිල්වා ගේ අධාරකරුවන් අතර බරපතල ගැටුමක් ඇතිවුන අතර සුනිල් සිල්වාට ඉන් බරපතල ආලාභයක් සිදුව තිබුණි )

එහෙත් අරුමය වන්නේ ඔහු ආණ්ඩුවට  ගිය පසු මුලින්ම කථාකලේද නිමල් ලංසා ගැනය. ඔහු මීගමුවට සම්පතක් යැයි ඔහු කියා තිබුණි.

2 COMMENTS

  1. මුන් ගොලු විතරක් නෙමේ බීරොත් වෙන්න ඇති. තව තවත් ඡන්දය ලැබේවා. එතකොට ජනතාවට දෙයින්නේ පිහිටයි.

  2. සම්පත් මෙයාලට කථා බැරි වුනාට රජවැඩකාරයෝ….අපි ලගදිම ඒවත් දානවා

Comments are closed.