සෞඛ්‍ය කමිටු මන්ත්‍රි සභාපතිවරයා විෂබිජ පතුරුවන්න උදව්කරලා..

0
65

NMC lorry

දැනට කලානත්තරයක් තිස්සේ කොච්චිකඩේ ඕවියාවත්තට මීගමුවෙන් පිට ප්‍රදේශවලින් සත්ව අපද්‍රව්‍ය බැහැර කිරිමේ සැලැසුම් සහගත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් තිබුණු බව හෙළිවි තිබේ.එනම් මීගමුව මහනගර සභාවේ කුණු ට්‍රැක්ටරයකට වෙනත් වාහනයකින් ගෙන එනු ලබන සත්ව මාංශ කොටස් පටවා කිසිවෙකුටත් නොතේරෙන්නට ඕවියාවත්තට මුදාහැරිමේ ක්‍රමයකි.

එහෙත් මේ සැලැස්ම අතට අල්ලා ගන්නට කොචිචිකඩේ පොලිසියට පසුගිය දිනක හැකිවන අතර මෙහි මහාමොළකරු කව්ද යන්නත් දැන් හෙළිවි තිබේ.
ඒ නගර සභාවේ කුණු ට්‍රැක්ටරයේ රියදුරු ජුඩ් නැමැත්තා විසින් පොලිසියට සහ ජනතාවට කරන ලද හෙළිදරව් කිරිම් වල ප්‍රථිපලයක් ලෙසිනි.
තමන් මේ සිදුකරමින් තිබෙන්න් නාගරික මන්ත්‍රි දායන් ලංසා මහතා විසින් තමන් වෙත කරණ ලද අනක් නිසා යැයි ඔහු දැන් ප්‍රසිද්ධියේ හෙළිකර හමාරය.
මෙ
හි ඇති අරුමය වන්නේ දායන් ලංසා යනු මීගමු මහනගර සභාවේ සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිවරයා විමය.
ගණිතඥයන් අවැසි තැන්වලට නැට්ටුවන් යැවු විට සිදුවන්නේ කුමක්දැයි මීගමුවේ බදුගෙවන ජනයා දැන්වත් තේරම්ගත යුතුව ඇත.