මීගමු මාළු ලෙල්ලමේ ට්‍රික්ස් මෙන්න,

0
363

fish mමීගමුවේ මාළු ලෙල්ලම පාලනය වන්නේ වැල්ලවිදිය පල්ලිය විසින් ක්‍රියාත්මක කර ඇති ටෙන්ඩර හිමිකරුෙවකු විසිනි.
එමෙන්ම මාළු වෙළද සැලේ ඉදිරි කොටසේ ක්‍රියාත්මක එළවළු වෙලද පොල පළාත් පාලන නිතියට අනුව පැහැදිලිවම නිති විරෝධි වුවද එය ප්‍රශ්ණ කරන්නට කව්රුත් නැත.
දැන් අප මතු කරන්නට යන්නේ මාළු වෙළද සැල ඇතුලේ  ක්‍රියාත්මක පාරිභෝගිකයන් රැවටිමේ විවිධ ක්‍රියා ගැනය.
හොරට කිරිමේ මේ ප්‍රධානතම කටයුත   බව අප  අවස්ථා කිපයකදිම මතු කළද පල්ලිය මේ ගැන කිසිදු පියවරක් තවමත් ගෙන නැත.
දැන් තවත් මගඩි රැසක් එහි ක්‍රියාත්මකය.
එයට වෙළදුන් කියන්නේ අන්දනවා කියාය.
එයට අනුව මාළු ගොඩේ උඩ පෙනුමට තබා ඇත්තේ ඉතා හොද පෙනුම ඇති මාළුන්ය. එහෙත් ඇතුලේ සිටින්නේ තැලුණු  සහ කැඩුන මාළුන්ය.
විශේෂයෙන්ම මෙය ක්‍රියාත්මක වන්නේ හුරුල්ලන් සහ සාලයන් අඩුමුදලට මිළ නියම වු දිනයන්හිදිය. අඩුවට ඇති නිසා වැඩි කිලෝ ප්‍රමාණයක් ගන්නට පාරිහෝගිකයන් පෙළඹෙන නිසා මෙසේ ඇන්දවිම පහසු වි තිබේ යැයි ඔවුන් පවසති.