නගරාධිපති සහ මන්ත්‍රිවරුන්ෙග් දෙවර්ෂ පුර්ණය සැමරේ…

0
84

nmc4මීගමුව නගරාධිපති ඇන්ටනි ජයවීර මහතාගේ සහ නාගරික මන්ත්‍රි මණ්ඩලයේ වර්තමාන ධුර කාලයට වසර 2 ක් පිරිම නිමිත්තෙන් මීගමුව නගර සභාවේදි අද (2013.10.12 ) දින පෙරවරුවේ විශේෂ සමාජ සුභසාධන සත්කාරක වැඩසටහන් කිපයක් සංවිධානය කර තිබුණි.
ඒ අනුව මුලින්ම සභා ගර්භය තුල නිර්මාණය කර තිබුණු මීගමුවේ හිටපු නගරාධිපතිවරුන්ගේ ඡයාරෑප නිරාවරණය කිරිම සිදුවිය.
ඉන්අනතුරුව නගර සභාවේ එලිමහනේ ඉදිකර තිබු විශේෂ වේදිකාවකදි ජනහමුවක් පැවැත්වු අතර එහිදි 2013 වසරේ උසස් පෙල ඉගෙනුම ලබන තෝරාගත් සිසු සිසුවියන් පිරිසකට අධාර බෙදා දිමක්ද සිදුවිය.
එලෙසම මේ වසරේ දහම්පාසැල්වලට ලබාදෙන ආධාර බෙදාදිමද මෙහිදි සිදුවිය.
එමෙන්ම නගර සභා බලප්‍රදේශයේ පදිංචි අඩුආදායම් ලාභි පවුල්වල අයට නොමිලේ ඇස්කන්නාඩි ලබාදිම මෙන්ම ලියාපංචි ක්‍රිඩා සමාජවලට නොමිලේ ක්‍රිඩා භාණ්ඩ බෙදා දිමද සිදුවිය.එලෙසම මීගමුව මහනගර සභාව තුල සතුටුදායක ලෙසින් වසර 25 ක් සේවය කළ පවුල් සෞඛ්‍ය සේවිකා ශාන්ති ජයසේකර මහත්මිය ඇතුළු පිරිසකට ඇගයිෙම් තිලිණ ප්‍රධානයන් මෙහිදි විශේෂාකාරයෙන් සිදුකෙරුණි.
මෙම උත්සවය සදහා නියෝජ්‍ය ධීවර අමාත්‍ය සරත් කුමාර ගුණරත්න පළාත් සභා අමාත්‍ය නිමල් ලංසා නගරාධිපති ඇන්ටනි ජයවීර සහ හිටපු විපක්ෂ නායක රෝයිස් විජිත පැමිණ සිටියහ.

එමෙන්ම හිටුප නගරාධිපතිවරුන් වන ආනන්ද මුණසිංහ සහ හර්මන් කුරේරා යන මහතුන් මෙන්ම පක්ෂ විපක්ෂ නාගරින මන්ත්‍රිවරුන්ද සම්බන්ධව සිටිනු දක්නා ලදි.