දෙවර්ෂ පුර්ණයට බෙදා දුන් කණ්නාඩියක ඇත්ත මිළ කීයද?

0
40

NMC 8නව පාලනය සදහා වසර දෙකක් පිරිම නිමිති කොට ගෙන පැවැති උත්සවයේදි සිදුකළ සමාජ සත්කාරක කටයුතු සම්බන්ධයෙන් විවිධ ගැටළු පවතින බව අපගේ වෙබ් අඩවිය ඇසුරු කරන ඇතමෙක් පවසා සිටිති. මෙහිදි මතු කර  තිබු එක් කරුණක් වුයේ ඊයේ දිනයේ බෙදා දෙන ලද  ඇස් කණ්නාඩියක ඇත්ත මිල කියද යනුවෙනි.
නගරයේ ප්‍රකට ඇස් කණ්නාඩි අායතනක් වෙතින් මේ ඇණවුම කර තිබුන බවත් එහි ඇත්ත මිළ රු 2600 ක් වන බවත් අප වෙත වාර්ථා වේ.
අැණවුම් කර ඇති කණ්නාඩි ගණන 400 ක ඉක්මවන බවද සැලය.
එහෙත් ගැටළුව වන්නේ මේ එක් කණ්නාඩියක්  සදහා නගර සභාව විසින් කියක් ගෙවන්නේද යන්නයි.
තහවුරු නොකළ ආරංචි මාර්ග සදහන් කරන්නේ එය අනිවාර්යයෙන්ම රු 3500 ක් ඉක්මවනු ඇති බවය.
එනම් අවම වශයෙන් මේ ගණුදෙනුවෙන් කව්රුන් රු ලක්ෂ 4 ක් අතයට ගණුදෙනුවකින් ගැනිමට කටයුතු සැලසුම්කරගෙන යන බව නිගමනය කළ හැකිව තිබේ.