වෙන්නප්පුව වැව ගොඩකළ අනිල් ට නඩු ?

0
105

වෙන්නප්පුව ග්‍රාමයට අයත් ප්‍රධාන ස්වභාවික සම්පතක් වන ‘මහ වැව’ ලෙස හඳුන්වන වැවේ දැනට මාස කීපයකට පෙර  පුද්ගලයෙකු විසින් සිදුකරන ලද අනවසර ඉදිකිරීමක් මේ වන විටත් එම ස්ථානයේ පවතී. මෙම අනවසර ඉදිකිරීම සිදුකරන ලද්දේ වෙන්නප්පුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන  ජැකට් කෝනර් හි අධිපති , අනිල් ප්‍රනාන්දු නම් පුද්ගලයෙකි.
මෙම ඉදිකිරීම ඉවත් කරන ලෙස අදාළ වගකිවයුතු ආයතන  කීපයක්ම ලිඛිතව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපතිවරයා වෙත දැනුම් දී තිබුණ ද ඔහු විසින් ක්‍රියාමාර්ග ගත්තේ නැත.
එහෙත් මීපුර ඇතුළු මාධ්‍ය විසින් මේ පිළිබදව නිරන්තරයෙන්ම  කරන ලද හෙළි කිරිම් හේතුවෙන් ඇතැම් දේශපාලකයන්ගේ සැලැසුම් ක්‍රියාත්මක කරගැනිමට නොහැකි වු අතර මේ වන විට අනිල් නැමැත්තාට එරෙහිව  හලාවත ගොවිජන සේවා කොමසාරිස්තුමිය විසින්  මෙම නීති විරෝධී ඉදිකිරීමට විරුද්ධව නඩු පවරා ඇත.
එහෙත් කළින් පැවැති නඩු වාර සදහා අනිල් නැමැත්තා පැමිණ නොතිබුන බවද සැලය.
මීළග නඩු වාරය 2013 නොවැම්බර් මස 15 වෙනිදා පැවැත්විමට නියමිතය.wen wew