භීතියෙන් හා පීඩාවෙන් ජනතාව මුදාගනිමු

0
74

Kinniya001smපසුගිය  කාලයේ දී ලංකාව පුරා පැතිර ගිය ග්‍රීස් යකුන්ගේ භීතිය නිසා සාමාන්‍ය ජන ජීවිතයට එය බාධාවීම මෙන්ම  අනාරක්ෂිතකමක් එකතු කළ අතර නිකරැනේ මිනිස් ජීවිත ද බිලි ගත්තේය. මෙම තත්ත්වය හෙළාදකිමින් කිතුණු
සහයෝගිතා ව්‍යාපාරය විසින්  ප්‍රකාශයක් නිකුත් කන ලදී.

‘‘මාස කීපයකට පෙර කහවත්ත ප්‍රදේශයෙන් පලමුව මතුවූ සහ ජීවිත ගණනාවක් බිලි ගත් බූතයා ඉන් පසුව ග්‍රීස් යකෙකුගේ ස්වරූපය ගෙන කදුකරයේ විවිධ ප්‍රදේශ දක්වා ගොස් මෑතකදී පුත්තලම හා උතුර නැගෙනහිර ප්‍රදේශයන්හි ජනතාව විශාල අනාරක්ෂිත තත්වයකට පත් කර තිබුනි.
විශේෂයෙන් යුද්ධයෙන් අවුරුදු ගණනාවක් බැට කෑ උතුරේ නැගෙනහිර ජනතාවට නැවතත් බියෙන් හා සැකයෙන් ජීවත් වීමට සිදුවී තිබීම බලාපොරොත්තු නොවු තත්්ත්වයකි. සාමය හා සාධාරණත්වය පතා යන ගමනේදි මෙවන් දේ සිදුවීම අතිශයින්ම අහිතකර තත්්ත්වයක් බව කිව යුතුම වේ. එයින් ඔවුන්ට සිදුවෙන්නේ විශාල අසාධාරණයකි. ග්‍රීස් යකුන් කි්‍රයාත්මක වන ප්‍රදේශවල වෙසෙන ජනතාව රාත්‍රි කාලයේදී නිිදා නොගනී. ඒ වෙනුවට රාත්‍රියේදී තම ගම්මාන වල මුර සංචාරයේ යෙදීමට සිදුවේ. දරුවන්ට තම අධ්‍යාපන කටයුතුවල යෙදීමට සුදුසු මානසික වාතාවරණයක් නොපවතී. ඒ තත්්ත්වය නිසා වඩාත්ම අනාරක්ෂිත තත්්ත්වයට ලක්ව ඇත්තේ කාන්තාවන්ය. හැටන් වලින් හා පුත්තලමෙන් මරණ කීපයක් වාර්තා වූහ. යාපනයේ දී සිය ගණනාවක් අත් අඩංගුවට පත්ව ආරක්ෂක හමුදාවල පහර කෑමට ලක්ව තුවාල වූ 7-8 දෙනෙක් ප්‍රතිකාර සදහා ආරෝග්‍යශාලා වෙත යවනු ලැබූහ.
මින්් සමහරක්් සිදූව ඇත්තේ අධි ආරක්ෂිත කලාපවල බව ද වාර්තාවේ. සමහර අවස්ථාවලදිි එම සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයන්ව ජනතාව විසින් අල්ලා ගැනීමට තැත් කරද්දී ඔව්හු හමුදා කදවුරු වලට පලා ගොස් ඇති බවට ද ජනතාව චෝදනා කරතිිි.
ග්‍රීස් යකුන් මතුවූ සෑම අවස්ථාවකදීීීම හා ඔවුන් මෙල්ල කිරීමට ආරක්ෂක අංශ වලට නොහැකිවූ සෑම අවස්ථාවකදීම ජනතාව කෝපවී ක්‍රියා කළහ. තමන්ගේ ජීවිත වලට එවැනි තර්ජනයක් ඇතිවූ අවස්ථාවන්හිදී එසේ කිරීම ස්වභාවිකය. කෝපවූ ජනතාව ගේ හැසිරීමි මෙල්ල කළ යුතුවේ. නමුත් ඊට පිළිගත් ක්‍රමයක් ඇත. ආරක්ෂක අංශ ඒ පිළිබදව පුහුණුවක් ලබා ඇති අතර ඔවුන්ට හොද පලපුරුද්දක් ද ඇත. නමුත් මහ රැ නිවෙස් වලට කඩා වැදී, නිවැසියන් ගේ අත පය කඩා, තුවාල කර, ඔවුන් අත් අඩංගුවට ගැනීම අනුමත කළ නොහැක. එය මානව හිමිකම් උල්ලංගනය කිරීමකි, එය හිංසනයකි.
තත්්ත්වය එසේ තිබියදී රාජ්‍ය පාලකයන් ග්‍රීස් යකුන් පිළිබද සිද්ධීන් හුදු මිත්‍යවක් යැයිද, යුද හමුදාව එම ප්‍රදේශ වලින් පලවා හැරීමට කොටි හිතවාදීන් හා දෙමල ඩයස්පෝරාව යොදා ගන්නා කුමන්ත්‍රණයක් යයි ද පවසා ඇත. එවැනි ප්‍රකාශ ජනතාව ගේ පීඩණයට සහනයක් ගෙන නොදේ. ඔව්හු එසේ පැවසුවද එම පලාත්වල ජනතාවට එම සිදුවීම සැබැවකි. යථාර්තයකිි.
මෙම සිදුවිම් වලින් පසුව ¶ග්‍රීස් යකුන් මර්ධනය’ සදහා හමුදා පිරිස් මුර සංචාරය යෙදෙන නිසා විශේෂයෙන්ම දෙමල ජනතාව අතර බිය හා සැකය වැඩි වර්ධනයවවි තිබීමත් ඒ නිසා ජන ජීවිතය අවුල් වී තිබීමත් අවසනාවන්ත තත්වයකි. ජන කොටස් අතර අවිශ්වාසය හා බිය ඇති කරවන ප්‍රකාශ කිරීමෙන්ද වගකිව යුත්තන් ප්‍රවේශම් විය යුතුය.
මෙම සිදුවීම පිටුපස ඇති බලවේගයන් නිශ්චිතව සොයා හදුනාගත හැක්කේද ඊට පිළියම් යොදා එම ජනතාවට ආරක්ෂාව සැපයීම කළ හැක්කේ ද රජයට පමණි. එම වගකීම පැවරෙන්නේ රජය වෙතය. රජයට එය මග හැර යා නොහැකිිි වන අතර ජනතාව වෙනුුවෙන්් එම වගකීීම ඉටුුකරන මෙන්් කිතුණු සහයෝගීතා ව්‍යපාරය ඉල්්ලා සිිටියිි.

සරත් ඉද්දමල්ගොඩ පියතුමා
එමි, සතිවේල් පියතුමා
කිතුණු සහයෝගීතා ව්‍යපාරය