ඇමති නිමල් ලංසාගේ භූ දේශපාලනික මෙහෙයුම

0
91

දේශපාලනයේදි ඇගට වඩා මොළය කොයිතරම් නම් වැදගත් දැයි කල්පනා කළ යුතුය.
lansa2006 යළිත් වරක් නගරාධිපතිධුරයට පත්වු  නිමල් ලංසා මහතා ඉන්අනතුරුව සිදුකළ පළමු කටයුත්ත වුයේ දළුපත ප්‍රදේශයේ රුපියල්  කෝටි එකාමාරකට නිවසක් මිළට ගැනිමයි.
එයට බලපෑ ප්‍රධානතම හේතුව වුයේ දළුපත යනු මීගමුවේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ඇති කොට්ටාශය විමයි.
එජාපයේ නිව්ටන් හෙන්රි නගරාධිපතිධුරයට ඔසවා තැබුවේද පසුකළෙක සේපාලක මොරවක මහතා නිදහස් සන්ධානයේ මීගමුවේ උපනගරාධිපතිධුරය ලබන්නේද මේ ජන්ද පදනම මුල් කරගෙනය.
මේ ගැන ඉතා හොදින් අධ්‍යයන කළ නිමල් ලංසා  දළුපොත තම වාසය භුමිය කර ගනි.
වැල්ලවිදිය හෝ මංකුලිය තෝරානොගන්නේ මේ නිසාය.
මේ දිනවල ඔහු නිරතව සිටින්නේ එවැනිම තවත්  මෙහෙයුමකය.
ඒ මල්ලි වෙනුවෙනි.
කොයිතරම් නම් මුදල් විසි කළද වැල්ලවිදිෙයන් ගොඩයනු බැරි බව දැනගත් ලංසා පවුල මේ දිනවල කල්පනා කරන්නේ ශ්‍රිලනිප වැඩි ජන්ද පදනමක් ඇති දළුවකොටුව ප්‍රදේශයෙන් ඉඩමක් ගෙන සිය සහෝදරයා වු දායන් ලංසා එහි පදිංචිකරවා ලන්නටය.
මේ සදහා ජපානයේ සිට පැමිණ ඇති සර්විස් ආනන්ද නැමැත්තාට අයත් ඉඩමක් රු කෝටි දෙකාමාරකට මිළට ගැනිම සදහා  සාකච්ජාවක් මේ දිනවල පැවැත්වෙන බව විශ්වාස කටයුතු ලෙසින් මීපුරට වාර්ථා වි ඇත.
එජාපයෙන් දෑත් ශක්තිමත් කරන්නට යැයි කියා පැන්න මාක් සුජිත්ට දළුවකොටුව ලබාදිම පිළිබදව ඇතිව නිළ සාකච්ජාවකදි ඇමති නිමල් ලංසා එයට විරුද්ධ වන්නේද මේ නිසාම බව නිදහස් සන්ධානය අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණ කර සිටි.