ආදරයට පැළදූ රත්තරන් බ්‍රේස්ලට් එක නිසා අහිමි වූ දරැ සෙනෙහස

0
149

536-newඑදින 2005 වසරේ පළමුවැනිදා විය. නෑ ගම් ගොස් චාරිත්‍ර වාරිත්‍ර ඉටුකොට  ගෙදර පැමිණි ගමන්ම නිසා පුංචි පුතුගේ කරේ  පැළදි රන් මාලයත් , බ්‍රේස්ලට් එකත් තිබිණි. අම්මේ මම ක්‍රිකට් ගහන්නට යනවා යැයි කිවූ නිසා ඇය ඔහුගේ කරෙන් මාලය ගැල වූවාය. බ්‍රේස්ලට් එක ගලවන විට එය තද නිසා නොගලවාවාම දරැවාට සෙල්ලමට යන්නට අවසර දුන්නාය. ටිකක් දහවල් වී  දවල් කෑමට අඩගසන්නට  කුඩා පුතු ගැන සොයයා බලන්නට  සිතා දරැවාට හඩ ගසන විට ඔහු පෙනෙන්ා ට නොසිටියේය.  එතැන් පටන් අසල්වාසීන්වද එකතු කරගෙන සිය පුතු සොයන්නට මේ මව්පියන් වෙහෙස ගත්හ. දරැවා සම්බ විය. නමුත් ඔහු ජීවතුන් අ තර නොවීය. පුතුගේ අත රිදේවියැයි අම්මා  නොගැලවූ බ්‍රේස්ලට් එක  ඔහු පැහැරගත් අපරාධකරැවන් විසින් ගලවා  ගෙන තිබිණි.  ඒයින් නොනැවතුන ඒ පාපිෂඨයන් මේ පුංචි මල් කැකුල  අපහරණයට ලක්කොට  ගෙල මිරිකා මරා දමා තිබිණි.  පුතු වෙනුවෙන් කරන්නට ඉතිරිවූ  එ විකම දෙය නීතියෙන් සාධාරණයක් පැතීම පමණක් බව ඔවුන් අවබෝධ කරගත් අතර සිය පුතුගේ මීනිමරැවන් පිළිබදව ඉව ඔවුන්නට දැනෙන්නට විය.    පුතු නැතිවී ‍ෙදසායන විට ඔවුන්ට මහත් උනන්දුවෙන් උදව්කළ දෙනෙකු ගැන සැක කළ මේ මාපියන් ඒ පිළිබදව පොලීසියට දැනුම් දෙන ලදී. එතැන් පටන් පොලිස් පරීක්ෂණ ආරම්භ වූ අතර සැකකරැවන් අත්අඩංගුවට  ගැණුනි. එක් අයෙකු කළ පාපොච්චාරණයකින් සිදුවූ සියල්ල හෙළිදරව් කෙරිණි.අවුරැදුක් 05කටත් අධික කාලයක් පුරා  සිය පුතු උදුරාගත් මීනීමරැවන්ට නීතියෙන් දඩුවමක්  ලැබෙන තෙක් ඔවුන්  දුක් උහුලමින් හිද අවසානයේ  පසුගියදා එම මිනීමරැවන්ට මීගමුව මහා අධිකරණය වෙතින් මරණ දණ්ඩනය නියම විය.  එහෙත් යළි කිසිම දිනයක අවුරැද්දේ පළවනදා දවල් කෑමට එනවා යැයි කියා සෙල්ලමට ගිය සිය පුංචි පුතු  කවදාවත්  ඔවුන් වෙත එන්නේ නැත. මේ සිදුවීම සිදුවන විට මේ මාතාව 7 මස් ගැබිණියක්ව හිදිමින් මේ සියල්ලට මුහුණ දුන් මවකි. අවසානයේ ඇයගේ ප්‍රාර්ථනාව නම් කිසිදු දරැවෙකුට මෙවන් විපත්තියක් නොවේවා යන්නයි. ඇගේ ඉල්ලීමත් දරැවන් ඇති දෙමව්පියන්  කිසිදු දිනක කුඩා දරැවන්ට රත්තරන් නොපළදවන්න කියායි.

මේ දුක්බර ඉරණමට මුහුණ දුන්නේ මීගමුව කඩොල් කැලේ පදිංචි  ඩබ් ජොගිලා ප‍්‍රනාන්දු  (32 ) සහ   ඩබ් ඇන්තනී තමෙල් යන දෙපලයි.  අනතුරට මුහුණ දුන්නේ ඔවුන්ගේ සිගිති පුතු ඩබ්. නිෂාන් සංජීව තමෙල්  (අවු -06) . ඔහු එම වසරේදී සෙන් පීටර්ස් විද්‍යාලයේ දෙවෙනි වසරට ඇතුල්වීමට නියමිතව සිටියේය. නිෂාන් සංජීව දරැවා පැහැරගෙන ගොස් , අපහරණයට ලක්කොට, මරාදැමීමට වරදකරැවන් ලෙස මරණ දණ්ඩනයට ලක්වූයේ  කඩොල් කැලේ නො-06 පළමු අදියරේ  පදිංචිව සිටි ප්‍රසන්න සිල්ා (රංග)  සහ  නැපෝලියන් යන පුද්ගලයන් දෙදෙනායි. මොවුන්ට විරැද්ධව  අධි චෝදනා  පත‍්‍රයක් මගින්  නඩු පැවරෑ අතර දරැවා පැහැර ගැනීම, බේස්ලට් එක සොරකම් කිරීම,  බාලවයස්කාර දරැවෙකු අපහරණයට ලක් කර  මරා දැමීම යන චෝදනා යටතේ ඔවුන්ට මරණ දණ්ඩනය නියම විය. මීගමුව මහඅධිකරණ විනිසුරැ  ශිරාන් ගුණරත්න  මහතා 2011 සැප්තැමබර් 21 වනදා  මීගමුව මහා අධිකරණයේදී මෙම තීන්දුව ලබාදුන් අතර ළමයාගේ පාර්ශයෙන් පෙනී හිටියේ රජයේ අධිනීතිඥ ලක්මිණී ගිරහාගම මහත්මියයි.

546-new

තුෂාර රොහාන්