විදුලි බිල ගෙවන්නට නිවසින් නික්ම ගිය කතක් අභිරහස් ලෙස මිය යයි..

0
64

පසුOLYMPUS DIGITAL CAMERAගිය සැප්තැම්බර් 25 වැනි ඉරු දින වත්තල, හැදල ප‍්‍රදේශයේ දී සොයා ගන්නා ලද කාන්තා මළ සිරුර මීගමුව  දඵවකොටුව ප‍්‍රදේශයේ ම පදිංචිකාරියකගේ වේ. ‘‘ ශී‍්‍රනි වාසනා අමරතුංග වන ඇය මිය යන විට 33 හැවිරිදි වියේ පසුවු ඇය එක් දරු මවකි. එමෙන්ම ඇය දඵවකොටුව , ලොයෙලා විද්‍යාලයේ සේවය නියුතු ගුරුවරියකි. වත්තල හැදල ප‍්‍රදේශයේදී ඇයගේ මළ සිරුර සොයා ගත් දිනට පෙර දින එනම් පසුගිය 24 වැනි සෙනසුරාදා දින පෙරවරුවේ ඇය නිවසින් නික්ම ගොස් ඇත්තේ විදුලි බිලට මුදල් ගෙවා පැමිණෙන බව පවසමින්. එහෙත් එදින රාති‍්‍රය දක්වාම ඇය නිවසට නොපැමිණ තිබේ. එලෙසම ඇයගේ සැමියා  මැද පෙරදිග  රැකියාවක නිරත වන අතර ඇයගේ බිරිදගේ මරණය සැලවීමත් සමග ඔහු මේ වන විට මෙරටට පැමිණ ඇතැයි වාර්තාවේ. ලොයෙලා විද්‍යාලයේ ප‍්‍රාථමික අංශයේ ඉංගී‍්‍රසි විෂය භාර ප‍්‍රධාන අචාරිණිය ලෙස කටයුතු කල ඇය දක්ෂ ලෙස ඉංගී‍්‍රසි ඉගැන්වීමට සමත් ගුරුවරියක ලෙසද නමක් දිනා ගෙන සිටියාය.  වාර්තා වන අන්දමට තමන් අදහන කතෝලික ආගමට මහත් භක්තියක් දැක්වූ ඇය යහපත් චරිතයකින් හෙබි පාසලේ සෙසු ගුරුවර ගුරුවරියන් සහ සිසු සිසුවියන් සමග ඉතා සුහදව කටයුතු කල ගුරුවරියක වේ. රෙමිජියස් පෙරේරා සහ ඉන්ද්‍රා ඉද්දමල්ගොඩ විශ‍්‍රාමීක ගුරු යුවලගේ දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලේ දෙවැනි දරුවා වු ඇයට තවත් වැඩිමහල් සොහොයුරියක් සහ බාල සොහොයුරෙකුද සිටි.  විදුලි බිල ගෙවා දමන්නට මීගමුව නගරයේ බැංකුවකට යනවා යැයි පවසමින් නිවසින් පිට වුවත් පසුදා ඇයගේ මළ සිරුර හමු වී ඇත්තේ වත්තල , හැදල ප‍්‍රදේශයෙන් වීම මෙහිදී වඩාත් ගැට`ඵකාරී තත්වයකි. ඇය මොනයම් හෝ කරුණක් ස`දහා වත්තල ප‍්‍රදේශයට ගොස් සිටියදී  ඇයව ඝාතනය කලේද ? නැතහොත් ඇය එහිදී සිය දිවි නසා ගත්තාද ? එක්කෝ ඇයව ඝාතනය කර හැ`දල ප‍්‍රදේශයේ දමා ගියාද ? යන ප‍්‍රශ්්ණයන්ට තවමත් නිසි පිලිතුරක් අනාවරණය කර ගැනීමට මෙතෙක් නොහැකි වී ඇති බවද වාර්තා වේ. කෙසේ වෙතත් 26 වැනි ස`දුදා සවස 6.00 පමන වන විටත්   ශී‍්‍රනි වාසනා අමරතුංග මහත්මියගේ මල සිරුර දඵවකොටුව ප‍්‍රදේශයේ ඇය පදිංචි වී සිටි නිවසට රැගෙනවිත් තිබුනේ නැත.  කෙසේ වෙතත් මෙදින දහවලේ සිට පුරා පැය කිහිපයක් මල සිරුර සම්බන්ධයෙන් රාගම රෝහලේදී අධීකරණ විශේෂඥ වෛද්‍යවරුන් විසින් පශ්චාත් මරණ පරීක්ෂනය සිදු කෙරමින් පැවතිණි.
තුෂාර රොහාන්