සජිත් ප්‍රේමදාස මහතා මීගමුවේ දේවස්ථාන දෙකකට නොවැ 2 සහ 3 යන දිනවල පැමිණ අධාරයක් කරන්නට නියමිත බව මීගමුව පුරා අලවා ඇති පෝස්ටර් වල දැක්වේ.
එය සංවිධානය කර තිබෙන්නේ ප්‍රබල සජිත්වාදිනියක වු හිටපු කටාන ආසන සංවිධායිකා නිතිඥ රෝස් ප්‍රනාන්දුය.
මීපුරට අදහස් දක්වා සිටි මීගමුවේ එජාප ප්‍රබලයන් පිරිසක් පවසා සිටියේ වෙනත් ආසනයක කටයුතු සංවිධානය කිරිමේ දි ඉටුකළ යුතුව ඇති මුලික සදාචාරත්මක කොන්දේසි පවා නොතකමින් රෝස් ප්‍රනාන්දු මහත්මිය පවතින අර්බුදය මැද සජිත්ව මීගමුවට ගෙන්විමට කටයුතු කර ඇති බවය.
එමෙන්ම මෙසේ කිතුණු සවිය නමින්ද සසුනට අරුණ නමින් ද රටපුරා බෙදෙන රු 50000 ක මුදල හා එජාප පාලන සමයේ නිදන් හෑරිම් ගැන කියැවෙන කථා නිසා මෙවන් ආධාර පල්ලිය විසින් භාරගන්නේ කෙසේදැයි නම සදහන් කිරිමට අකමැති වු කිතුණු පියතුමෙකු මීපුරට කියා සිටියේය.
තවදුරටත් මෙම සජිත්ගේ මීගමු පැමිණිම ගැන ප්‍රකාශ කරන එජාප නගර සභා අපේක්ෂකයෙකු පවසා සිටින්නේ මෙය ආසන සංවිධායකධුරය පවා නැතිකරගෙන ඇති රෝස් ප්‍රනාන්දුව පුම්බාගැනිමට සිදු කරනු ලබන තවත් ගොන්පාට් වැඩක් බවය.