‘පන්තියේ ඉන්න රස්තියාදු ගහන ළමයින්ටත් ටීචර් මොනිටර් කම දීලා බලන්ෙන් හැදෙයි ද කියලා –

0
70

මෙම ප්‍රකාශය සිදුකරන ලද්දේ එජාප සන්නිවේදන අංශයේ ප්‍රධානී මංගල සමරවීර විසින් අද සවස කොළඹදී ආරම්භ වු මානව හිමිකම් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී මිනි.
සමගි බලවේගය විසින් පැවැත්වීමට සූදානම් වූ මෙම මානව හිමිකම් සමුළුව පැවැත්වීමටවත් ඉඩදීමට රාජ්‍ය නායකයාට නොහැකි නම්  පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්ති ඔහු විසින් ක්‍රියාත්මක කරන්නේ කෙසේද  යන්න මංගල සමරවීර මහතා විසින් එම කතාවේ දී පවසන ලදී.IMG_2978
(සම්පූර්ණ කතාව )

අද   කොළඹ දී පැවති මානව හිමිකම් උළෙල සදහා කතිකයන් ලෙස විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ. සමගි බලවේගයේ නායක මණ්ඩල සභික බිට්‍රෝ ප්‍රනාන්දු . පූජ්‍ය තීනියාවල පාලිත හිමි. කලාකරු ජයතිලක බන්ඩාර . එජාප සන්නිවේදන අංශයේ ප්‍රධානී මංගල සමරවීර . දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් . චන්ද්‍රගුප්ත තේනුවර .  ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්. නව සම සමාජ පක්ෂයේ නායක වික්‍රමබාහු කරුණාරත්න යන මහත්වරුන් සභාව ආමන්ත්‍රණය කරන ලදී. මෙම මානව හිමිකම් උළෙල  පැවැත්වීමට සූදානම් වන අවස්ථාවේදී එම ස්ථානයෙන් පිටත  උද්ඝෝෂණයක් ද සිදුවූ අතර සමගි බලවේගය විසින් සංවිධානය කළ මෙම මානව හිමිකම් උළෙලේ සමාරම්භක වැඩසටහන  සාර්ථකව ආරම්භ විය.