මීගමුවේදී අපේ ඇගේ හැප්පෙන ඇත්ත ප්‍රශ්න

0
87

DSC06167මීගමුවේ බස්නැවතුම

මීගමුව ප‍්‍රධාන වානිජ නගරයකි.
එය දියුණු කළ යුත්තේ සැලැස්මකට අනුවය.එසේ කරන්නට නම් මේ නගරයට ඇත්තටම ආදරය කරන එය දියුණු කරන්නට තරම් බුද්ධියක් ඇති අය එය අතට ගත යුතුව තිබේ.
ග‍්‍රාම්‍ය ලෙස හා තමන්ගේ මට්ටමෙන් සංවර්ධනය දෙස බලන පුද්ගලයන්ට එය එසේ කළ නොහැකි බව පසුගිය වසර 4 ක අත්දැකිම් විසින් දැන් මනාව ඔප්පු කර හමාරය.

බස්නැවතුම යනු මීගමුවේ වානිජකරණයේ හදවතය. එය උසස් ප‍්‍රමිතියකින් නිම කළ යුතුය. පසුගිය කාලයේ ලෝකයේ විවිධ රටවල සිදුවු භුමිකම්පා වලදි පාසැල් කඩන් වැටි අහිංසක දරුවන් දහස් ගණනින් මිය ගිය හැටි ඔබට මතකද? ඒවාට ප‍්‍රධාන හේතුව වී තිබුණේ කොන්ත‍්‍රාත්කරුවන් විසින් නිසි ප‍්‍රමිතියකින් යුතුව ඒවා තනා නොතිබීමය.
තව නොබෝ දිනකින් සද්ද දමා විවෘත කිරිමට නියමිත මේ බස්නැවතුම ගැන මේ නගරයේ ජනයා වෙත සියළු ඇත්ත කියා සිටින එකම ජනමාධ්‍ය අප පමණක් බව ඉතා තිර ලෙසින් කියා සිිටින්නෙමු.
අප මීගමුවේ ජනයා වෙනුවෙන් ඡුන්දයක් මුව විටේ තබා මේ පාලකයන්ගෙන් මෙසේ අසමු.

ඔබ මෙහි ප‍්‍රමිතිය ගැන උනන්දු වුවා නම් මේ ටෙන්ඩරයේදී සුදුසුකම් සහිත තොරා් ගැනුණ ‘ස්කයා මෙක්’ ආයතනය වෙනුවට එය මීගමුවේ මෙවැන්නක් කරන්නට තරම් සුදුසුකම් නැති බර්නාර්ඞ් නැමැත්තෙකුට පවරා දුන්නේ ඇයි.????
මෙයට පිළිතුරු දෙන්නට මේ පාලකයන්ට බැරි බව අපි ඉතා හොදින් දනිමු. එබැවින් ඒ අයට නිසි පිළිතුරක් සැපයිමේ වගකිම මීගමුවේ බුද්ධිමත් ජනයා වෙත පවරා සිටිමු.

කඩොලාන විනාශ කළේ කව්ද?
මීගමුවට බරපතල පානිය ජල අර්බුදයක් ඇත. ඒ සඳහා විසඳුමක් යැයි කියමින් කලපු ජලය ලවණහරණය කොට ජනයාට බෙදා දිමේ පිරිපහදුවක් සඳහා පර්චස් 100 ක් ඉඩක් කඩොල් කැලෙන් අවැසිව තිබුණි.
කලපුවේ හදවත බදු මේ හරිත විමනට පෙරේත බැල්ම හෙලා සිටින දේශපාලකයන් කල්පනා කරන්නේ එය කපා විනාශ කොට ගෙවල් හදන්නට ඉඩම් අල්ලන්ටය.
මේ කොන්ත‍්‍රාත් එක පැවරී තිබුණේ ආණ්ඩු පක්ෂයෙන් ඡුන්දය ඉල්ලන බන්දුල නාඔටුන්න සහ ඩන්ටි යන අය විසිනි. මේ දෙදෙනා මීගමුවේ ආණ්ඩු පක්ෂ සංවිධායකගේ අග‍්‍ර පුරෝහිතයන්ය.
මේ නිසා පර්චස් 100  වෙනුවෙන් කඩොලාන අක්කර 8 විනාශ කලේය. ආණ්ඩුවේ අංක එකේ හෙංචයියෙක් වු මීගමුව ප‍්‍රාදේශිය ලේකම් මේ මීක් කිවේ නැත.
දැන් එහි හැදුන පිරිපහදුවක්ද නැත. කඩොල් අක්කර 8 ක් පමණක් විනාශ වුණි.
කඩෙලාන යනු කැලයක් යැයි සිතා සිටින මේ සියළු මැට්ටන් මේ නගරයේ යළිත් පාලනය භාරගන්නේ නම් සිදුවනු ඇත්තේ කුමක්ද..?

නගර සභාවට අයිති ඉඩම් හොරෙන් විකුණලා

සි.අයිබී සාප්පු සංකිර්ණය අසලින් දිවෙන ඇල මාර්ගයේ රක්ෂිතය මත මේ වන විට මීගමුවේ හිටපු නගරාධිපතිවරයාගේ ගෝලබාලයන් විසින් නීිති විරෝධි ලෙසින් දෙමහල් ගොඩනැගිල්ලක කඩ 6 තනා ඉන් එකක් ලක්ෂ 30 බැගින් විකුණා ඇතැයි වාර්තා වේ. පැහැදිලි ලෙස නගර සභාවට අයත් බව පැරණි ඔප්පු මගින් පෙන්නා සිටියද මීගමුව මහ නගර සභාවේ නීති නිලධාරිනිය සහ තාක්ෂණික නිලධාරියාද පවසා තිබුණේ  එය මීගමුව මහ නගර සභාවේ දේපලක් නොවන බවය. මේ අනුව ඔවුන් ඉතා පැහැදිලි ලෙසින් සිය දේශපාලනික හාම්පුතා වෙනුවෙන් සිය වගකිම ගණිකා වෘත්තියේ යොදා ඇත.
එපමණක් නොව රහිමියා හෝටලය ප‍්‍රතිසංස්කරණය කිරිමේදි එහි නව සැලැස්ම වෙනුවෙන් අවශ්‍ය වු බිම් ප‍්‍රමාණය කිසිදු නිතිමය විධිමත් කි‍්‍රයා පටිපාටියකින් තොරව ප‍්‍රධාන පාරේ දකුණ පසින් දුම්රිය මාර්ගයට යාබදව තිබුන කොට්ටන් ගස් සියල්ල කපා දමා වීති රේඛාව වෙනුවෙන් වු අඩි 40, රහිමියා හිමිකරුට ලබාදි තිබුණි.
මේ සම්බන්ධයෙන් මීගමුව මහනගර සභාවට විපක්ෂ නායක විසින් ගෙන ආ යෝජනාව එදා මහ සභාවේ ස්ථිර කරන්නට වගකිම භාරගෙන සිටි මීගමුවේ එජාප නාගරික මන්ති‍්‍ර මන්ඩලයේ ලේකම් කැලිසන්  ජයකොඩි විසින් එය ස්ථිර නොකෙරුවා පමණක් නොව ඉතා පැහැදිලි ලෙසින් ජනතාවට පස්ස පැත්ත හරවමින් ජනතාව පවා දුන්නේය. අද ඔහු මීගමුවේ ජනතාවගෙන් ඡුන්දය ඉල්ලා  සිටින්නේ නගරාධිපති කරවන ලෙසින්ය.
කැලිසන්  ජයකොඩිට ලැජ්ජාවක් නැත. එහෙත් එවන් අය නැවත පත්නොකරන්නට තරම් ලැජ්ජාවක් විශේෂයෙන්ම තලාහේන පේරුවේ ජනතාවට තිබිය යුතුය.
ජනතාවගේ විවේකය ගතකරන්නට තිබුන පාක් වලට මේ අය මොකද කළේ.
රජපක්ෂ මුදලිදු විසින් ජනතාව වෙත පරිත්‍යාග කළ අක්කර 7 ක් පමණ වන රාජපක්ෂ උද්‍යානය කිසිදු හේතුවකට ජනයාගෙන් මුදල් අය නොකල යුතු බව දක්වා තිබු පැරණි ඔප්පුව විනාශ කර හොර ඔප්පුවක් තනා අර වගන්තිය වෙනස් කර කොම්පැනි වලට බදු දිමෙන් ලක්ෂ 50 ට වැඩි පාඩුවක් මෙන්ම මීගමුවේ ජනතාවට රජපක්ෂ උද්‍යානය වසර ගණනාවකට අහිමි කර තිබේ.
මේ මෝඩ තින්දු ගත්තේ හිටපු නගරාධිපතිගේ නායකත්වයෙන් යුත් ආණ්ඩු පක්ෂය විසිනි. පාක් එකක් පාලනය කරන්නට බැරි බව රටට ම ඔප්පු කළ පාලනයක් මීගමුවේ ජනතාවට තවත් මොකටද..?
එපමණක් නොව මීගමුවේ වෙරළ උද්‍යානය යනු අද නගර සභාවේ පාලනයෙන් බැහැර වු පවුලේ බුදලයකි.
සංස්කෘතික ජිවිතයක් නැති දේශපාලකයන්ට මීගමුවේ ජනතාවගේ විවේකය ගැන සිතන්නට  ඕනැ නැති බව තවත් කී සැරයක් නම් ඔප්පු විය යුතුද..