මේ වන විට මැදගම ‘අබේ ආදර්ශ ‘ මහා විද්‍යාලය ඉදිරිපිට දෙමාපියන් පිරිසක් උද්ඝෝෂණයක නිරතව සිටී. මෙම උද්ඝෝෂණය පැවැත්වෙන්නේ හලාවත මැදගම හරහා මාදම්පේ ප්‍රධාන මාර්ගයේ වන අතර මාර්ගය අවහිර කරමින් දෙමාපියන් පිරිසක් උද්ඝෝෂණයේ නිරත වන බව වාර්තා වේ. මෙම විරෝධතාවයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ මෙම වසරේ සිට එම විදුහලේ ප්‍රාථමික අංශයට සිසු දරුවන් ඇතුලත් කර ගැනීම එම පාසලේ බලධාරීන් විසින් සීමා කර තිබීමයි. වාර්තා වන අන්දමට මෙම වසරේ එම පාසලට දරුවන් ඇතුලත් කරගෙන ඇත්තේ 30 දෙනෙකු පමණි. අනෙක් දරුවන් හට තඹගල්ල හා නාන්කඩවර තිබෙන පාසල් වෙත අනුයුක්ත කිරීම අධ්‍යාපන බලධාරීන්ගේ යෝජනාව වී ඇති නිසා මෙම ගැටළුව මතුව තිබේ.
සටහන – සිසිර නාන්කඩවර