මේ දිනවල මීගමුව නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලයේ ගොඩනැගිල්ලක් නවීකරණය කිරීම සදහා පාසල් සංවර්ධන සමිතිය හරහා ‘සිසු පොළක්‘ පැවැත්වීමට සූදානම් වේ.
දෙමාපියන් වාර්තා කරන අන්දමට මේ සිසු පොල වෙනුවෙන් එක් ශිෂ්‍යාවකගෙන් රු 700 ක් අයකරන අතර මෙම සිසු පොලට සහභාගී වීම සදහා ඇති රු 1000 ටිකට්පත් එකක්ද සෑම ශිෂ්‍යාවක් විසින්ම විකිණිය යුතුය. මෙය අපට වාර්තා කරන්නේ මේ ප්‍රදේශයේම දෙමාපියන් පිරිසකි.
ඔවුන්ට ඇති ගැටළුව වන්නේ පාසල් ගොඩනැගිල්ල නවීකරණය කිරීම නොවේ.
එය හොඳ වැඩකි.
ඉහල මධ්‍යම පාන්තික පවුල් හැරෙන්නට අමාරුවෙන් නිව්ස්ටඩ් බාලිකාවට දරුවන් යවන මැද පන්තියේ දෙමාපියන් ලෙස ඔවුන් මුහුණ දෙන අපහසුතාය.
මේ මුදල ගෙවන්නේ තියෙන කරදර මැද්දේය. එමෙන්ම ඉන් ඇතිවන අපහසුතා
නිසා සහ පවතින රජයේ බොරු බේගල් ප්‍රතිපත්ති පිළිබද ඇතිවන තරහවකුත් සමගය. ඒ
තරහා සමාජගත කරන්නට අවැසිය . ඒ නිසා ඔවුන් මේ අවනඩුව මාධ්‍යට කියති.
ඒ පාසල සංවර්ධන සමිතිය තුළ සාකච්ඡා කරන්නට ද නොහැකි නිසාය.
පාසලට කිව නොහැක්කේ තම දරුවන් පාසලට යවන්නට අවැසි බැවිනි. නමුත් එය එසේ විය යුතු ද ?
ඇත්තෙන්ම කලින් කලට මතුවෙන මේ ගැටළු වලින් පෙනෙන්නේ රජයේ අධ්‍යාපන ප්‍රතිපත්ති හා පාසල් සංස්ථාව තුළ ගන්නා තීරණ අතර පරස්පරයක් ඇති බවකි.
රජය කිසිවකුට මුදල් නොගන්නා බව කියයි. නමුත් පාසල් සංවර්ධන සමිතිය සංවර්ධනය මාපියන් කරපිට තබති.
මේ පිළිබද සමාජ කතිකාවක් ගොඩනගන්නට ද දෙමාපියන් නොවෙහෙසෙති.
මේ සිසු පොළට දෙන රු 700 සෑම ළමයෙකුම එකසේ දිය යුතුය.
එපරිදිම පවුලේ දරුවන් දෙදෙනාම නිව්ස්ටඩ් බාලිකාවට යන පවුල් වල දෙමාපියන් ට
රු 1400ක් දීමට සිදුවේ. ඉන්පසු රු 1000 ටිකට් පත් අළෙවි කිරිමද කළ යුතුව ඇත. අයවැයෙන් පසු දැන් නම් කාලා හමාරයි කියා සිටින වෙලාවක තව කාටත් රු 1000කට සිසු පොළවල් වලට සහභාගී වීමට යැයි කිව හැකි ද ? ඒ නිසා බොහෝ විට සිදුවන්නේ එම ටිකට්පත ද එම පවුලෙන්ම ගැනීමය.
මේ ගැන මැසිවිලි නැගුවොත් පාසලේ සංවර්ධන සමිතියේදී විරෝධය නොපෑවේ ඇයි ද යන්න ඔවුන් මතු කරනු ඇත. ඇත්තටම පාසල් සංවර්ධන සමිතියේ දී බොහෝ විට මව්වරුන් නම් ලැජ්ජාවටත් කිසිවක් නොකියා කරබා සිටිති. නැතිනම් මං විතරක් මේකට ලෙඩ දාලා නිකං සවුත්තු වෙන්නේ මොකට ද කියා සිතා, ඒ බරත් කරට ගෙන ගෙදර එති. මෙයින් සහනයක් ලැබෙන පිණිස හෝ මේ මුදල අනිවාර්්‍ය නොකර හැකි මුදලක් දෙන්නට යැයි ද යෝජනා කළ හැකිය. එහෙත් එසේ නැත. සැමටම එක සමාන ලෙස ගෙවන්නට සිදුවනු ඇත. එය සාධාරණ වන්නේ සියල්ලන්ගේ ආර්ථික හා සමාජ පසුබිම එක සමාන නම් පමණකි.
මේ මෑතකදී රජය විසින් පාසල් තුළ මුදල් අයකරන කටයුතු නවතාලන්නට පියවර ගන්නා ලදී. එසේ පියවර ගත්තත් රජය පාසල් සංවර්ධනය සදහා මුදල් වෙන් නොකරන්නේ නම් එම තීරණ ද නමට පමණි.
මේ දෙසැම්බර් මාසයයි. ජනවාරි පාසල් වාරය සඳහා දෙමාපියන් දරුවන් වෙනුවෙන් , අලුත් පොත්, අලුත් ඇඳුම් සහ පාසල් තුළ ඇති හුණු කැල්ලේ සිට තීන්ත ගෑම සදහා නැවතත් දෙමාපියන්ට මුදල් දීමට සිදුවේ.
නිව්ස්ටඩ් බාලිකා වද රජයේ පාසලකි.
පාසල් සංවර්ධන සමිතියට මුල් වාරයේදී රු 1400ක් එක් ළමයෙකු ගෙවන්නේ එහි සංවර්ධනය වෙනුවෙනි. පාසලේ ළමුන් 3000 ට ආසන්නව සිටිති.
ඉන් පසු එම වාරයේම පන්තිය සුද්ද කර තීන්ත ගෑමට නැවතත් රු 500ක් පමණ එක ළමයෙකුගෙන් එකතු කරති. ඇත්තටම මෙය සමහර දෙමාපියන්ට අපහසුය.
අධ්‍යාපනය ඇතුළු අනිත් සියලු දේ නඩත්තු කිරීම වෙනුවෙන් මේ දෙමාපියන් වන අප සෑමපුරවැසියෙක්ම බිල්පතකින්ම රජයට බදු ගෙවන අතර ඒ මුදල් අධ්‍යාපනය දියුණු කිරීමට නොයොදන්නේ ඇයි ? මේ ආකාරයට වක්‍රව සියලු බර ජනතාවටම පටවන්ෙන් ඇයි ?
නිදහස් අධ්‍යාපනය කියා ඒ මුවාවෙන් මේ සිදුවන්නේ මංකොල්ලයක් නොවේ ද?