පසුුගිය දෙසැම්බර් 1 වනදා මීගමුවේ පැවැති එජාප රැස්විමේදි කරු ජයසුරිය මහතා වෙත හු කිය අපහාස කර ඇතැයි යනුවෙන් අද දින මව්බිම පුවත්පත විසින් පළකර ඇති පුවත සම්පුර්ණයෙන්ම අසත්‍ය එකක් බව මීගමුව එජාප සංවිධායක රොයිස් විජිත මහතා කියා සිටියි.
ඔහු තවදුරටත් කියා සිටියේ දැනට එක්සත් ජාතික පක්ෂය තුල පැවති අර්බුද නිරාකරණය කරගනිමින් අරඹා ඇති ජවසම්පන්න ගමනට බියවි ඇති මහින්ද රාජපක්ෂගේ උවමනාවන්වෙනුවෙන් කඩේ යන මව්බිම පුවත් පත මාධ්‍ය කලාවට පවා නිගා දෙන අන්දමින් භාවිතාවක නියැලෙන බව පවසයි.