‘අත්තඩගේ’ මෙතඩ් එක මේ සැරේත් නැගලා යයි ද?

0
181

foxසම්පත් අත්තඩගේ යනු දැනට වසර කීපයකට ඉහතදී  සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත්වූ වි්‍ද්‍යා  විෂය ප්‍රශ්න පත්‍රය  කලින් පිටකරගෙන තම ටියුෂන් පංතියේදී  සිසුන්ට කියාදීම පිළිබඳව චෝදනාවට ලක්වූ  ටියුෂන්  ගුරුවරයෙකි. මෙම සිදුවීමෙන් පසු එම විභාගය නැවත පවත්වන්නට අධ්‍යාපන දෙපාර්තමේන්තුව පියවර  ගත් අතර මෙම පුද්ගලයාගේ දේශපාලන සම්බන්ධකම් මත  ඔහු නිදැල්ලේ  තමන්ගේ     ටියුෂන් ව්‍යාපාරය කරගෙන යයි.
ඒ  අතර  මේ  ප්‍රශ්න පත්තර  පිටකිරීම  දැන් තමන්ගේ  ජනප්‍රියත්වය වැඩිකරගැනීමට ද මඟක් කරගෙන අ ැතැයි  අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්ගෙන් වාර්තා වේ.  මෙම සම්පත් අත්තඩගේ නමැති ටියුෂන් ගුරුවරයා  මේ වනවිට ගම්පහ ප්‍රදේශයේ  ටියුෂන් පන්ති වල ඉගැන්වීම සිදුකරන අතර  ළමුන් අතර තමන්ට එවැනි දෙයක්  නැවතත් කළ හැකි බවට  ද ප්‍රචාරයක් හැර  ඇති බව ද වාර්තා වේ. මේ මගින් ඔහු තමන්ගේ ටියුෂන් බිස්නස් වැඩිකර ගැනිමට උත්සාහ දරන බවත්  අධ්‍යාපන ක්ෙෂ්ත්‍රයේ සිටින ගුරුවරුන්ගේ  මතය වී තිබේ.
අපොස සාමාන්‍ය පෙළ 2013 ආරම්භ වීමට දින කීපයක් ඇති   අතර මෙවරද එසේ විය හැකි බවට කාට විශ්වාස කළ හැකි ද යන්න තතු දන්නෝ පවසති. එවැනි දෙයක්  වැලැක්වීම සඳහා ගතයුතු පියවර අධ්‍යාපන බලධාරීන් හෝ දේශපාලන ක්ෂේත්‍රය තුළින් ගෙන නොමැති වීම ප්‍රධාන කාරණයකි. ප්‍රධාන සාධකය නම්  මෙවැනි වංචාකාරී පුද්ගලයන්  ඉහල පෙළේ දූෂිත දේශපාලනඥයින් හා තවමත් සම්බන්ධකම් පවත්වන බැවිනි.