බුදු බලය……

0
170
හිමිදිරියෙම..
හිරු නැගිටින්නටත් පෙර..
හිරුටත් හොරෙන්..
මම ආවෙමි. ඔබ පුදා ගන්නට
මේ… මේ… මේ…
ඇයි?… පුත නුඹ තතනන්නේ…
බුදුරජුනි! අද ඇත විරෝධතාවක්..
දෙමළුන්ට එරෙහිව…

හිමිදිරියෙම..
හිරු නැගිටින්නටත් පෙර..
හිරුටත් හොරෙන්..
මම ආවෙමි. ඔබ පුදා ගන්නට
මේ… මේ… මේ…
ඇයි?… පුත නුඹ තතනන්නේ…
බුදුරජුනි! අද ඇත විරෝධතාවක්..
දෙමළුන්ට එරෙහිව…
අපේ නායකහාදුරුවෝ තමයි පෙරමුණ
දහම වනසන වුන්.. මරා දැමිය යුතු නේද?
අවසර දෙන්න මට, බුදුරජුනි!
නැත.. පුත, නුඹ ඔවුන්ට මෛත‍්‍රී කරන්න.
මෙනවා? බුදුරජුනි! දහම වනසන උන්…
ඩයස් පෝරාවේ උන්
තලතෙල් ගාපු තඩි දෙමළුන්ට
අපේ හිමිවරුන් කැති ගාපු උන්ව
වෙහෙර විහාර සමතලා කල උන්ව
ඔබ වහන්සේත් ඉන්දියාවේ නේද?
ජයලලිතලා කියන දේ අහන්න එපා!
උන් ඔබ වහන්සේට විරුද්ධයි!
අපි රැුක ගන්න හදන්නේ…
නිර්මල බුදු දහමයි…
නැත, පුත..
උන් රකින්නේ උන්ගෙ ”රැුකියාවයි”.
මහණකම නැමති ”රැුකියාවයි”.
එය දහම නොවේ.
නුඹ කියවා නැද්ද? දහම් ඉතිහාසය,
දෙව්දත් පුවත,
වෛරයෙන් වෛරය නොසන් සිඳෙන බව
තැන්පත් වන්න.
මතක තබා ගන්න, පුත.
මගේ දහම සිහළුන්ට පමනක් නොවේ.
දෙමළ, මුස්ලිම්, කිතුනු ආදි බේදයක් නැත.
නිවන ලෝකවාසී සියළු ජනයාටම පොදුය.
දැන්! නුඹ යන්න බෝ මලූවට
භාවනා කරන්න.
සසරෙන් මිදෙන්න.
වැදගත් ”බුදු බලය” මිස
බොදු බලය නොවේ!
සාලිය ලියනාරච්චි
Back 01