බ්‍රිටෝ ප්‍රනාන්දු හා මහින්දලා

0
489

brito 2brito 3

දරුවන් අතුරුදහන් වු උතුරේ මවක සනසමින්....
දරුවන් අතුරුදහන් වු උතුරේ මවක සනසමින්….

බ්‍රිටෝ ප්‍රනාන්දු යනු අතීත සිංහල සිනමාවේ දිදුලන තරුවක් වූ හියුගෝ ප්‍රනාන්දුගේ පුතාය. පියා මෙන්ම නොවුනාට බ්‍රිටෝ අයියාටද (අප ආදරයට කියන්නේ එසේය) කලාවක් ඇත.
ඒ මානව හිමිකම් කලාවය. ඔහු මේ කලාවට අවතීර්ණ වී බොහෝ කල්ය. 80 දශකයේ දී යු. එන්. පී. ය මානව හිමිකම් අමු අමුවේ උල්ලංඝනය කරද්දී ඒ වෙනුවෙන් හඩ නැගුවේ බ්‍රිටෝ අයියලාය. බ්‍රිටෝ අයියලා, අතුරුදහන්වූවන් හා ඒ නිසාවෙන් විපතට පත්වූවන්ගේ මානව අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමේ කලාව මහා අවදානම් තත්ත්වයන් මැද ගොඩ නගද්දී, ඒ මැදට වැද ඔවුන් හා සමඟ හරි හරියට මානව හිමිකම් ගැන හඩ නැගුවේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාය.
යූ. එන්. පී ආණ්ඩුවේ උදවිය හා ඒ ආණ්ඩුවේ මර්දන යන්ත්‍රය වූ පොලිසිය හා හමුදාවේ උදවිය අතින් සිදු වූ ඝාතන, අතුරුදහන්කිරීම් ඇතුළු මානව හිමිකම් කඩවීම් ගැන විස්තර අරගෙන ජිනීවා ගියේ ඔහුය. වරක් එසේ එම විස්තර රැගෙන යෑමේ දී ගුවන් තොටුපොලට පැමිණි පොලිස් අධිකාරී කුඩාහෙට්ටි ඔහුගේ ලිපි ලේඛන අත් අඩංගුවට ගත් ආකාරය රහසක් නොවේය. බ්‍රිටෝ අයියලා රද්දොළුව මං සන්ධියේ තැනූ ඝාතනය වූ හා අතුරුදහන් වූ අයගේ ස්මාරකය අබියස බ්‍රිටෝ අයියලා එක්ක එකට වාඩිවී සිටි මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමා ඉතා උදාර ලීලාවෙන් එදා කිව්වේ —ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා නෙමේ, අපායට වුවද යන්න ලැහැස්තියි˜ කියාය. (ලංකාවේ ජනතාවගේ මානව හිමිකම් නිසා අපායට යන්නට එතුමාට නොලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු) එදා මහින්ද මන්ත්‍රීතුමාලා ගොඩ ආවේ බ්‍රිටෝ අයියලා වැනි මානව හිමිකම් ගැන උණ තිබූ සිවිල් ක්‍රියාධරයන්ට පින් සිදු වන්නටය.
ලංකාදීපයේ ගුරුදා විග්‍රහය ලියූ උපුල් ජෝෂප් වරක් සඳහන් කර තිබුණේ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීතුමාට ලංකාවේ මානව හිමිකම් කඩවීම් පිළිබඳ විස්තර ජාත්‍යන්තරයට ගෙන යන්නට ඒවා ඉංග්‍රීසියට පරිවර්තනය කර දුන්නේ තිස්සනායගම් මාධ්‍යවේදියා බවය. මේ අයගේ කරෙන් හෙමින් හෙමින් ඉහළම පුටුවට නැග ගත් පසු දැන් උන්නාන්සේලා මේ අය හඳුනන්නේ නැත. තිස්සනායගම්ට වසර ගණනාවක් හිරේ ලගින්නට සිදුවිය. ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේය. යූ. එන්. පී යේ මර්දනය, දූෂණය, මානව හිමිකම් කඩකිරීම් ඇතුළු දුර්දාන්ත පාලනය ගැන —සෙස්ස පස්සට˜ කියමින් තීරු ලිපි ලියූ මහින්ද අබේසුන්දර දැන් ITN එකේය. නමින් ස්වාධීන වූවත් කමින් ස්වාධීන නොවන ITN හෙවත් —ස්වාධීන රූපවාහිනී සේවය˜(?) මගින් ආණ්ඩුවට කහින මහින්ද අබේසුන්දරගේ —විමසුම˜ චෝගම් රජමගුල යන කාලයේ බ්‍රිටෝ ප්‍රනාන්දුගේ ඡයාරූප හා දර්ශන පල කරමින් බ්‍රිටෝ ප්‍රනාන්දුගේ පතුරු ඇරියේය. ආණ්ඩුවේ වුවමනාවට කුලියට කහින මේ විමසුමේ ලියනප්පුට අනුව බ්‍රිටෝ ප්‍රනාන්දු NGOභඨධ කාරයෙකි, දේශ ද්‍රෝහියෙකි, ලංවිය නොයුතු තැනැත්තෙකි.
එහෙත් ඒ කාලයේ ඔය එක මහින්ද කෙනෙකුටවත් ඒවා ප්‍රශ්න වී නොතිබුණු බවයි ඇත්ත. බ්‍රිටෝ ප්‍රනාන්දු එදා මෙන්ම අදත් සිවිල් ක්‍රියාධරයෙකි. මානව හිමිකම් ආරක්ෂකයෙකි, ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන භඨධ එකක නියමුවෙකි. ඔව් ඉතිං මොකද? මේ රටේ ආණ්ඩුවේ ලියාපදිංචි NGO රාශියක් ඇත. බොහෝ  NGO අතර වැඩ නොකර ෆොටෝ පෙන්නා සල්ලි යටි මඩි ගහන NGO කාක්කෝ බොහොමයක් සිටිති. ඒ අය බොහොමයක් ඉන්නේ කාගේ ඔඩොක්කුවේදැයි ITN මහින්ද කියන්නේ නැත. ITN මහින්දට ඇති ප්‍රශ්නය මානව හිමිකම් කඩන එක ගැන කතා කරන NGO ගැන පමණය. ඒත් බලයට එන්නට කැසකවන කාලේ මේ එක මහින්ද කෙනෙකුටවත් බ්‍රිටෝ අයියලා NGO කාරයෝ නොවූහ.
බ්‍රිටෝ අයියලාගේ දේශපාලන භාවිතාවේ ඇතැම් තැන් ගැන අපට ගැටළු ඇති බව ඇත්තකි. එහෙත් ඒ කාලේ හිටපු බොහෝ වීරයන්ගේ මුක පූට්ටු වී ඇති මේ කාලයේ කවුරුත් අත ගසන්නට මැලි වන ප්‍රශ්න අරබයා බ්‍රිටෝ අයියලාගේ මැදිහත්වීම ප්‍රශස්තය. පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් ප්‍රශ්නයේදී ආණ්ඩුවේ පොලීසියේ ක්‍රියාකාරීත්වය නිසා විපතට පත් වූ රොෂේන් ඇතුළු අනෙකුත් අය වෙනුවෙන් තවම එඩිතර මැදිහත්වීම කරන්නේ බ්‍රිටෝ අයියලාය. ඒ අතර වධහිංසා පැමිණවීම් ඇතුළු එවැනි ක්‍රියාදාමයන් පිලිබඳවද නෛතික මැදිහත්වීම් එඩිතරව කරගෙන යන්නෝය.   මීගමුවේ හා හලාවත ධීවරයන්ට ආණ්ඩුවේ හමුදාව කළ පහරදීම් හා වෙඩිතැබීම් රතුපස්වල වෙඩිතැබීම්, උතුරේ, දකුණේ අතුරුදහන්කිරීම් හා ඝාතනය කිරීම් ආදිය පිළිබඳ තවම එඩිතර මැදිහත්වීම් කරන්නේ බ්‍රිටෝ අයියාලාය. මහින්දලාට මේවා වහ කදුරුය. ආණ්ඩුවේ ඔඩොක්කුවේ ඉඳගෙන ගසාකන බඩගෝස්තරවාදී NGO  කාරයන් ගැන මහින්දලාට ගැටළු නැත. මානවහිමිකම් ගැන කතා කරන භඨධ අපවාදයට හා අපහාසයට බදුන්කර තුරන් කිරීම මොවුන්ගේ අරමුණයි. කාලීන ජනප්‍රියතාව උපයෝගී කර ගනිමින් මානව හිමිකම් තලන්නට නෛතික හා අනෛතික ආයුධ රැස්කර ගත්තාවූ ගඩාෆිලාටත් ඉරණමක් කොටා තිබුණි. ලෝක ඉතිහාසය කියවා නොගෙන පල්ලං බසින ආණ්ඩුවකුත්, අඥාන ජනතාවකුත් සිටින මේ යුගය ගොමරිටි මතුවන මිණිකැට යටයන යුගයක් බැව් අපි දනිමු. උඩින් ඔපයකි¦ යටින් හපයකි.
ඉහළ නගින්නට ඉණිමං ද බඩගෝස්තරවාදී වීමට කල්දේරන්ද එමට ඇති මේ යුගයේ එසේ නොවී හැමදාම පෙළෙන ජනතාව වෙනුවෙන්ම මැදිහත් වූ බ්‍රිටෝ අයියේ, ඔබට කිතුසරේ අපේ ආදරයත්, ප්‍රණාමයත් මින් සටහන් කරමු.
අජිත් හැඩ්ලි පෙරේරා
(කිතුසර අනුග්‍රහයෙනි)