ජීවන්තිගේ ඉරණම

0
113

දෙසැම්බර් 14 වෙනිදා වෙන්නප්පුව ශා. මාටින්ද ෆෝරස් දේවස්ථානය අසල සිදුවු මිනීමැරුමක් පිලිබදව පසුගිය දා  මාධ්‍ය වාර්තා කළේය. එම සිදුවීම මිනීමැරුමක් වන අතර පහත පළවන්නේ  ඒම සිදුවීමෙන් පසු එම ස්ථානයට  ගිය ප්‍රදේශයේ  අසල්වාසීයෙකුගේ අත්දැකීමකි.

unnamed‘ දෙසැම්බර් 14 වෙනිදා පාන්දර 12.45 ට පමණ  ශා.මාටින්ද ෆෝරස් පල්ලියේ පිටු පසින් ඇහැණ කෑ ගැසීමක් නිසා නින්දෙන් එක්වරම ඇහැරුණ මා සැනෙකින් ඒ දෙසට දිව ගියෙමි. කාට හෝ කරදරයක් වෙලා ඇති බව දැුණුන නිසා. ඒ දෙසට යනවිට දකින්නට ලැබුණෞ ලණු චූටි කියා කවුරුත් දන්න පල්ලියේ පිටුපස පදිංචි වෙලා ඉන්න චූටි මහතා ඔලුව දෑතින් බදාගෙන ” සුමියා මගේ කෙල්ලට වෙඩි තියලා” කියා කෑ ගසන අයුරුයි.
සැනෙකින් මා එම නිවස ඇතුළට දිව ගියා. අවසානයේ මා නවතුනේ ලේ විලක් මැද ඇද උඩ තිබූ ජීවන්තිගේ පණ සුන් සිරුරයි. බෙල්ලේ වම් පැත්තේ ඇතුල් වුණ උන්ඩ පොකුරු දකුණු දණට මැදක් උඩින් ඔලුවේ පලාතක් ගලවගෙන   මෙට්ටයට බැස තිබුණාඒ වනවිටත් මදුරු දැලේ පීරිසියක ප්‍රමාණයේ සිදුරක් ඇතිවී දුම් දමමින් තිබුණා.
ඒ වෙලේ  පැහැදිලිව දක්නට ලැබුනේ මදුරු දැලට පිටින් ගිණි අවියේ බටය බෙල්ලට කිට්ටු කර වෙඩි තබා ඇති අයුරුයි.
ලේ තැවරී නොතිබුණි නම් වෙඩි තබා ඇති බවක් පෙනෙන්නට නොතිබුණි. මන්ද වෙඩි තබා ඇත්ෙත් නින්දේ සිටියදීම බව  පෙනුණි.
වෙඩි තබා ඇති සුමිත් කෝ කියා සොයා බලන විට   ඔහු වෙඩි තැබූ පසු ඒ වත්තේම ඇති මිය ගිය ජීවන්තිගේ ගෙදර අයට කතා කොට ” ජීවන්තිට වෙඩි තිබ්බා” කියා සිය  හතර හැවිරිදි දියණියද රැගෙන පලාගොස් තිබුණා.

පොලීසිය ටික වේලාවකින් එතනට පැමිණියා. ඒ ඇවිත් අවට පරීක්ෂා කොට සුමිත් ගිය දිසාවක් සෙවීමට පටන් ගත්තා. පැයක්වත් යන්න කලින් සුමිත් ඉන්න තැන දැනගන්න ලැබුණා.

පොලිස් නිලධාරීන් වහාම ඔහුව අත්අඩංගුවට ගත්තා. දියණියව ද සොයා ගත්තා. ඒ වගේම ගිණි අවිය පල්ලිය වත්තට  විසීකර තිබියදී සොයාගනු ලැබුවා.
සුමිත්ව අත්ඩංගුවට ගත් අවස්ථාවේ ඔහු සිහිවිකල් බවක් පෙන්නූ බව දුටු අය  පවසනවා.
සුමිත් ආශ්‍රය කරන බොහෝ  සල්ලිකාර  යාලුවන්ට  මෙම  මිනීමැරුම සඳහා යොදාගත්  ගිණි අවිය මෙන් ලයිසන් නොමැති වටිනා  ගිණි අවි ලඟ තබාගෙන ඉන්න බව මේ වෙන්නප්පුවේ බොහෝ දෙනෙක් දන්නා රහසකි.
ජීවන්තිගේ පවුලේ අය පවසන්ෙන්  විදිහට සුමිත් නමැත්තා පහුගිය දවස් කීපයම නිවසට බීගෙන ඇවිත්  රණ්ඩු කළ බවයි. ඒ වගේම සති කීපයක් ගෙදර පැමිණ නොමැත. මොන ප්‍රශ්ණ තිබෙනවා ද කියා ගෙදර අයට පවසා ද නැත.  ඒ වගේම පවුලේ ය පවසන්නේ සුමිත්ට පුත්තලම ප්‍රදේශයේ අක්කර ගණනක වත්තක් වගා කටයුුතු සඳහා මිළදී ගෙන ඇති අතර එම වත්තේ  අනියම් බිරිදක්  සිටින බවයි.
කාටවත් අයහපතක් කරදරයක් නොකරපු ජීවන්ති දරුවන් හා නිවස තුළම වැඩි කලක් ජීවත් වුණ කෙනෙක්. අසල්වාසීන් හැටියට  සුමිත් සමඟ එකට පාරේ යනවාද දැක නැති ගානය. ගිය සදුදා දින ජීවන්ති සිය සහෝදරයා ඇුතුළු නෑදෑ පිරිසගේ  කරමතින් අවසන් ගමන් ගියා. දරුවන් දෙදෙනා ජීවන්තිගේ දෙමව්පියන් හා තනි වුණා.
දක්ෂ වාහන කාර්මියෙක්ව සිටි  35ස් වියැති  සුමිත් දැන් බන්ධනාගාරගතව සිටියි.

චන්දන සහන්
වෙන්නප්පුව