එජාප හිටපු නගරාධිපති පරාදයි.

0
73

මීගමුව මහනගර සභාවේ එඡාප පාලන සමයේ හිටපු නගරාධිපති නිව්ටන් හෙන්රි මහතා එවකට නගරාධිපති ධුරයට පත්වුයේ වැඩිම මනාපයකට හිමිකම් කියමිනි.එමෙන්ම ඔහු නියෝජනය කළ දළුපත කොට්ටාශය තුල මනා ස්ථාවරත්වයක් දිගටම හිමිකරගෙන සිටියේය.

එහෙත් එඡාප පාලන සමයේ අවසන අදියරේ දි  අල්ලස් චෝදනා මත අත්ඩංගුවට ගෙන සිරබත් කන්නටද ඔහුට සිදුවිය.පසුව ඔහු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා හරහා  ආණ්ඩුවට මුක්කුවක් ගසා තනතුරක්ද ලබාගෙන තිබුණි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ ඔහු යළිත් එඡාපයට පැමිණියේය.මෙවර ඔහු සිටින්නේ මනාප ලයිස්තුවේ 18 වෙනියාටය.ඒ මනාප 1135 ලබාගනිමිනි.