නිව්ස්ටඩ් එකේ ”මාලාගේ” අපුරු මෙහෙයුම ??

0
39

1525220_623183311076172_1447134655_nනිව්ස්ටඩ් එක දැන් මීගමුවේ පුවත් මවන තැනක් බවට පත්වෙමින් තිබේ. හොද ඒවා මෙන් නරක ඒවාද එයට අයත්ය.
පසුගිය කාලය තුල අවස්ථා කිපයකදිම ඒ හොද පුවත් අප ඉතා ඉහලින් වාර්ථා කළෙමු.
දැන් පුවත් නරක එකක් පිළිබදවය.පාසැල් වල මේ දිනවල වැඩියෙන්ම කථා බහට පත්ව ඇති මාතෘකාවකි.එහෙත් මෙහි වෙනස වන්නේ මේ  හරිමැද ඉන්නා තැනැත්තිය දැන් කලක පටන්ම මේ සදහා උපරිම ප්‍රසිද්ධියක් ලබා සිටින අයෙකු විමයි.
ඒ පාසැලට ළමුන් ඇතුලත් කර ගැනිමේදි අයථා ලෙසින් මුදල් ලබාගැනිම සම්බන්ධයෙනි.
මේ කටයුත්තේ මෙහෙයුමේ හරි මැද ඉන්නේ මාලා නැමැති අයෙකි.ඇය ප්‍රබල ආණ්ඩු පාක්ෂිකාවක් වන අතර   මීගමුව පිටිපන ප්‍රදේශයේ පදිංචිකාරියෙකි.
ඇය පාසැල් සංවර්ධන සමිතියේ ප්‍රබලයෙකි. විදුහල්පතිනියගේ සහයද ඇයටම බව සැලය.මේ නිසා අැය  වැඩි හරියක් සිටින්නේ පාසැලේමය. දෙමව්පියන් සිතන්නේ ඇයද පාසැල් ගුරුවරියක කියාය. අැය රඟපාන්නේද එලෙසිනි.
මේ නිසා පාසැලේ ආදි ශිෂ්‍යාවන් මහත් කණස්සලට පත්ව ඇත්තේ නම කැතවන්නේ තමන්ගේ පාසැලේ බැවිනි.එබැවින් තමන්ගේ විදුමව මෙවන් මාෆියාවන්ගෙන් බේරාගැනිම සදහා මැදිහත් විය යුතු බව අවධාරණය කරති.
මේ වෙනුවෙන් විශේෂිත වැඩපිළිවෙලක් දැනටමත් ක්‍රියාත්මක වෙමින් ඇති බවද සැලය.