පොලිසිය හිටපු පළාත් සභා මන්ත්‍රි ශිරන්ත අමරසේකර හිරේ යවයි..??

0
79

හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි නිතිඥ  ශිරන්ත අමරසේකර මහතා අද උසාවියට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සතියක් දක්වා රිමාන්ඩ් බන්ධනාගාරයට යවා ඇතැයි වාර්ථා වේ.
අද අළුයම සිය මැතිවරණ  පොස්ටර වැලිගම්පිටිය ප්‍රදේශයේදි  කිසියම් පුද්ගලයෙකු විසින් ඉරා දමමින් සිටින බවට ලැබුන තොරතුරක් මත එහි ගිය හිටපු මන්ත්‍රිවරයා සහ අදාල පුද්ගලයා අතර ඇතිව තිබු බහින් බස්විමක් දුරදිග යෑමෙන් මන්ත්‍රිවරයා විසින් අදාල පුද්ගලයාට පහර දි ඇතැයි සැලය.
පසුව දැනගන්නට ලැබි ුඇත්තේ ඔහු සිවිල් ඇදුමින් සැරසි සිටි පොලිස් නිළධාරියෙකු බවයි.
පොලිසිය විසින් පසුව  අත්අඩංගුවට ගැනුන නිතිඥ ශිරන්ත අමසේකර මහතාව අද මීගමුව අධිකරණයට ඉදිරිපත් වු අවස්ථාවේ එහි සිටි සියළුම නිතිඥයන් ඔහු වෙනුවෙන් ඉදිරිපත්ව ඇති අතර මුලික මෙහෙයවිම් නිතිඥ උපුල් දේශප්‍රිය මහතා සහ නිතිඥ ගුණරත්න වන්නිනායක මහතා විසින් සිදුකරන ලදි.
ඉදිරිපත්ව ඇති චෝදනා ඇප දිය හැකි චෝදනා වුවද කෙසේ හෝ ඇප ලබාදිමට පොලිසිය විරුද්ධ වු බව පැවසේ.
ශිරන්ත අමසේකර ප්‍රබල සජිත්වාදියෙකු ලෙසින් ගම්පහ දිස්ත්‍රික්කයේ අදාල කටයුතු මෙහෙයවන ලද අයෙක් බවටද ප්‍රකටය.shiranthashirantha