කටුනායකදි තරුණයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ.

0
61

murder 1කටුුනායක වි මෝල පාරේදි යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් අද උදෑසන 10 ට පමණ වෙඩි තබා තරුණයෙකු ඝාතනය කර තිබේ.
ප්‍රදේශවාසින් පවසන අන්දමට ඝාතනයට ලක් ු වු තරුණයා ත්‍රිරෝද රථයකින් පැමිණෙමින් සිටියදි 18 කණුවේ පසිදු කේටරස් ඉදිරිපිටදි අදාල යතුරු පැදිකරුවන් විසින් ත්‍රිරෝද රථය ඉස්සර කොට වෙඩි තබා ඇති අතර ඉලක්කය වැරදි ඇති නිසා ත්‍රිරෝද රථයෙන් පැන ආදාල  තරුණයා වි මෝල පාර දෙසට දිව ගොස් තිබේ.ඔහුව ලුහුබැද ගිය යතුරු පැදි කරුවන් වෙඩිපහර කිපයක් ඉල්ල කර ඇති අතර වෙඩි වැදි බිම ඇද වැටුණු පසුත් තවත් වෙඩි කිපයක් එල්ල කොට ඝාතකයන් සිය මෙහෙයුම අවසන් කර තිබේ.