හිටපු ඇමති නිමල් ලංසා ඡන්දෙට වියදම් කරන මුදල හෙළිකරයි.

0
50

lansaමීගමුවේ දැන් තාප්ප සියල්ල දින දින පිරි යමින් ඇත්තේ හිටපු ඇමති නිමල් ලංසා මහතාගේ පොස්ටර් වලිනි. මේ වන ඔහු අවම තරමින් පෝස්ටර් වර්ග 5 කට වැඩි ගණනක් මුළු ගම්පහ දිස්ත්‍රික්කය පුරාම අලවා ඇත.මේ ජන්දයේදි විශාල මුදලක් වැය කිරිමට සුදානමින් සිටින හිටපු පළාත් සභා අමාත්‍ය නිමල් ලංසා මැතිවරණයකදි සිදුකරන විදයම් ගැන පවසා ඇති තොරතුරු කිපයක් පදනම් කරගනිමින් ලංකා හෙරල්ඩ් වෙබ්අඩවිය පුවතක් පළ කරතිබුණි.එය පහතින් දැක්වේ.
……..  ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පුතු වයඹ මහ ඇමති කරවීමට රුපියල් ලක්ෂ 3480 ක් වියදම් කොට තිබෙන බව බස්නාහිර පළාත් හිටපු පළාත් සභා ඇමති නිමල් ලාන්සා මහතා ප්‍රකාශ කර තිබේ. ලංකාවේ පළාත් සභා මන්ත්‍රී කෙනෙකු වීමටත් ලක්ෂ 1000ක් පමණ ඕනෑ බවද ඔහු පවසා ඇත.

නිමල් ලාන්සා මහතා ඊයේ තම මැතිවරණ ව්‍යාපාරය පිළිබදව අදහස් පළ කරමින්, මීගමුවේදී තම හිතවත් මාධ්‍යවේදීන් කීප දෙනෙකු සමඟ මෙම අදහස් පළ කර තිබේ.

තමන් ගම්පහින් දෙවන ස්ථානයට පැමිණෙන බවත්, මහ ඇමති ධුරය ප්‍රසන්න රණතුංග මහතාටම හිමි වන බවත් ඔහු පවසා ඇත. හිරුණිකා කොළඹින් දෙවන ස්ථානයට පැමිණෙන බවද ඔහු පවසා තිබේ.
www.lankaherald.com