28 වන වතාවටත් රොෂෙන් චානක සැමරේ

0
109

ඝාතනයට ලක්වුවන් වාර්ෂිකව හෝ මාසිකව අඛණ්ඩව සැමරිමේ සංස්කෘතියකට හිමිකම් කියන ලංකාවේ එකම පළාත මීගමුව හෝ කටුනායක විය හැකිය.
ඒ ඝාතනයට ලක්වු කම්කරු නායකයෙකු වු රංජිත් සහ නීති උපදේශක ලයනල් 1989 ඔක් 27 වනදා වෙඩිතබා ඝාතනය කොට පුළුස්සා මරාදැමිම වාර්ෂිකව සැමරිමත් සමගින්ය.
ඉන් අනතුරුව නිදහස් වෙළද කලාපයේ කම්කරු අයිතින් වෙනුවෙන් කම්කරුවන් දියත් කළ සටනේදි වෙඩිතබා ඝාතනය කරන රොෂෙන් චානක මාසිකව සෑම පළවෙනිදා සමරන්නට ඇරඹිමත් සමගින්ය.
මේ සංස්කෘතිය දකුණේ සමාජය තුල ස්ථාපිත කිරිමේ ගෞරවය හිමිවිය යුත්තේ ලංකාවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාධරයෙකු වු  බ්‍රිටෝ ප්‍රනාන්දු වෙතය.
2014 පෙබ 01දා ඒ සැමරිම සුපුරුදු පරිද්දෙන් නිදහස් වෙළඳ කලාපයේ වටරවුම අසල පැවතියේ 28 වන වතාවටය.
මෙදින විශේෂත්වය වුයේ පහන් දැලවා සිටිමේ විශේෂ අනුස්මරණ වැඩසටහනක් මෙහිදි ක්‍රියාත්මකව පැවතිමයි.
නිදහස් වෙළඳ කලාප සහයෝගිතාව විසින් මෙය සංවිධානය කර තිබුණ අතර සමගි බලවේගයේද පුර්ණ සහය මීට ලැබි තිබුණි.roshen event 1roshen event 2roshen event 4roshen event 5Roshen mother