පෙබරවාරි 15 හලාවතට එන්න….

0
58

දිනෙන් දිනම උග්‍රවන ධීවර ජනතාවගේ ප්‍රශ්ණ සදහා විසදුම් ලබාදීමට බලධාරීන්ට ඇති නොහැකියාව ඔවුන් අඛණ්ඩවම ඔප්පු කරමින් සිටිති.ධීවර ජනතාව මුහුණදෙන අනේක විද ප්‍රශ්ණ ගැටළු සදහා බළධාරීන් දක්වන අවධානය ධීවරයාට හෝ ධීවර කර්මාන්තයට ඉතාමත් අහිතකර බව සුළුපන්න ධීවර ජනතාව මෙන්ම ව්‍යාපාරික ප්‍රජාවද විශේෂයෙන්ම බහුදින යාත්‍රා හිමිකරු වන් හා එකී සංගම්ද වටහා ගනිමින් සිටිති.

ධීවර ගොවි ජනතාව අද පෙරට පැමිණ ඉල්ලා සිටින්නේ ජීවත් වීමට මගක් සකසන ලෙසයි.

අපි ඉල්ලා සිටින්නේ මොනවාද

  • චීන හා ඉන්දීය ධීවර යාත්‍රා ශ්‍රි ලංකා මුහුදු තීරයෙන් වහාම ඉවත් කිරිමට.
  • ඉන්ධන සහනාධාරය නමින් සිදුකරන ලද ප්‍රෝඩාව නවතා ධීවර ජනතාව ඉල්ලා සිටි සහන මිලට ඉන්ධන ලබා දීමට වැඩපිලිවෙලක් සැකසීම.
  • ඉන්දියාවේ සිරගත කර සිටින ධීවර කාර්මිකයන් හා යාත්‍රා වහාම නිදහස් කර ගැනීමට පියවර ගැනීම
  • දේශීය ධීවරයාගේ මත්ස්‍ය නිෂ්පාදනයන්ට සාධාරණ මිළක් ලබාදීමට පියවර ගැනීම
  • වෙරළ තීරය වැවි කලපු හා ධීවර බිම් ජනතාවට අහිමි කරමින් සිදුකරන සංචාරක ව්‍යාපාරයට විශේෂ ආර්ථීක කලාපයන්ට ඉස්සන් කර්මාන්තයට ලබාදෙන ඉඩම් ජනතාවගේ අයිතිය හා භාවිතය තහවුරු කිරීම
  • ඉන්ධන මිළ පහත හෙළිම සදහා වු ධීවර සටනේදි ඝාතනයට ලක්වු ඇන්ටනි ප්‍රනාන්දුගේ පවුලේ අයට මෙන්ම වෙඩිවැදිමෙන් විපතට පත්වු සැම වෙත සාධාරණ වන්දියක් ගෙවිම
  • ඉහත ඉල්ලිම් පදනම් කරගනිමින් රටපුරා හඩ නගන මහජන ව්‍යපාරය ගොඩනැගිම අරමුණු කොටගෙන දියත් කෙරෙන ධීවර ගොවි ජාතික ඒකාබද්ධ විරෝධතා දිනය සදහා සියලු ප්‍රගතිශිලි ජනතාවට අප මහත් වු සහෝදරත්වයෙන් ඇරයුම් කරසිටින්නේ අප හා එක්වන ලෙසය.

 

මේ එකාබද්ධ විරෝධතා දිනය ලෙසින් අප පෙබරවාරි 15 තෝරාගනු ලබන්නේ ධීවර ගොවි ජනතාවගේ අයිතීන් දිනා ගන්නා සටනේදි ධීවර අයිතීන් වෙනුවෙන් දිවිදුන් ඇන්ටනි ප්‍රනාන්දු ඝාතනය කොට වසරක් 2 ක් සපිරෙන මොහොතේ ඔහු දිවි කැප කළ ඒ සටන රටපුරා ක්‍රියාත්මක කළ යුතු එකාබද්ධ සටනක් බව සැමට කියනු පිණිසය.

මේ අරමුණෙන් අපගේ ප්‍රධාන විරෝධතාවය වෘත්තිය සමිති දේශපාලන පක්ෂ බහුජන සංවිධාන හා ආගමික නායකයන්ගේද දායකත්වයෙන් 2014 පෙබරවාරි 15 වනදා සවස 2 ට හලාවතදි සිදුකරනු ලබන අතර එයට සමගාමිව තවත් විරෝධතා වැඩසටහන් 3 ක් රටපුරා සිදුකිරිමට සැලසුම් කර ඇත්තෙමු. ඒ යාපනය ,පොතුවිල් සහ ගාල්ල යන නගර කෙන්ද්‍රකොට ගෙනය.

මේ සියලු විරෝධතාවන් සදහා ඒ පලාත්වල ධිවර සංවිධාන ඇතුළු සියළු බහුජන සංවිධාන විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම ප්‍රගතිශිලි ජනයා හා එක්වන්නට අප දැනටමත් කටයුතු සංවිධානය කරගෙන යමින් සිටින්නෙමු.

 

හලාවතදි මෙන්ම අපගේ විරෝධතාවන් පැවැත්වෙන අනෙක් ප්‍රදේශවලදිද අප ඔබගේ සහෝදරාත්මක සහය අපේක්ෂා කරන්නෙමු.

ධීවර ගොවි ඒකාබද්ධ ජාතික විරෝධතා දිනය

පෙබරවාරි 15 වනදා

සවස 2.00ට හලාවතදිFEb 15

ඒකාබද්ධ ධීවර ජනතා ක්‍රියාකාරි කමිටුව

http://www.youtube.com/watch?v=0SlstM4RPfQ#t=35