“හෝන්” වලින් බස් එලවන නොසැලකිලිමත් රියදුරෙක් කළ හදියක්

0
74

අද උදැසන 6.45 ට පමණ වෑන් රථ 3 ක් ලොරියක් ජිජ් රියක් එකිනෙක ගැටි තිබුනේ කට්ටුව ප්‍රදේශයේදිය.
කොළඹ අනුරාධපුර බස් රථ හැල්මේ පිඹගෙන මාර්ග නිති කිසිවක් පිළිනොපැද මෙසේ ගමන් කරනු අප නිතර දැක ඇත්තේමු.
උන් සිතන්නේ පාරේ යා යුත්තේ ඒ බස්රථය පමණක් බවය.
හෝන් වලින් බස් එළවන නොසැලකිලිමත් රියදුරෙක් අපරක්ෂාකාරි ලෙසින් මීගමුවේ සිට හලාවත දෙසට යමින් තිබුන රථ පෙළක් පසුකර යෑමට දැරු උත්සාහය නිසා මෙසේ අනතුර සිදුව ඇත.
මෙම අනතුර ගැන මීපුරට අදහස් දැක්වු  ලංකාවේ වෙසෙන විදේශිය ව්‍යාපාරිකයෙකු වු අර්නි මහතා පවසා සිටියේ බස්රථයේ රියදුරාගේ නොසැලකිලිමත් නිසා මේ අනතුරු සිදුව ඇති බවය.
මේ නිසා තමන්ගේ ජිප් රථය පිටුපසින් පැමිණ  ලොරියේ රියදුරුට පාලනය කරගැනිමට  නොහැකිව  තමන්ගේ රථයේ වැදුන බවය.තමන්  ආරක්ෂිත බද පටිය පැළද සිටියද තමන්ගේ නළල වැදිම නිසා තුවාල සිදුව ඇති බවද පවසා සිටියේය.arne5Arne 1busnew1bus new 2