රටපුරා ධීවර විරෝධතාවන්ට පොලීසියෙන් , හමුදාවෙන් බාධා.

0
49

ha4

හලාවත වැල්ලේදී පොලිස් වෙඩිපහරට ලක්ව මියගිය ඇන්ටනී පුනාන්දුගේ 2 වන වර්ෂ පූර්ණය නිමිතිකොටගෙන හා  ඉල්ලීම් 05ක් මුල්කරගනිමින් පැවැත්වෙන ඒකාබද්ධ ධීවර උද්ඝෝෂණය අද සවස 3.00 ට හලාවත නගරයේදී පැවැත්විමට කටයුතු සූදානම්ය.

එම උද්ඝෝෂණය පැවැත්වීම වලකාලීම සදහා පොලීසිය පිට පට දෙවතාවක් උසාවි නියෝග ලබාගැනීමට උත්සාහ කළ ද අධිරණය එය විසින් ප්‍රතික්ෂේප කර දන්වා තිබුණේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිදි ජනතාවට අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් ඇති බවය. එම උද්ඝෝෂනය පිලිබද චරක පෝසටර් අලවමින් සිටි පිරිසක් වෙත මීට සුලු වෙලාවකට පෙර පැමිණි පොලීසිය පවසා තිබුණේ අලවා ඇති සියලු පෝස්ටර් ගලවා දමන බවය.

තවදුරටත් පෝස්ටර් ඇලවීම සිදුකරගෙන යන්නේ නම් නගරය අවලස්සනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා බවයි.

අද දින ජනාධිපතිවරයා සුපිරි තරුපහේ හෝටලයක් විවෘත කිරීම සදහා හලාවතට පැමිණිමට නියමිත බවද සැලය.

සියලු මැතිවරණ නීති උල්ලංඝනය කරන බස්නාහිර සහ දකුණු පළාත් වල සිටින්නේද  මේ ශ්‍රි ලංකා පොලීසියම නොවේදැයි දැයි ප්‍රශ්ණ කළ යුතුව තිබෙ.
මෙම උද්ඝෝෂණය සදහා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුලු විරුද්ධ පක්ෂයේ දේශපාලන නායකයන් රැසක්ද සහභාගී වීමට නියමිතය

chilaw invitation