කාමච්චෝඩේ මුස්ලිම් විදුහලට අනගි සේවයක් කළ මයිකල් මාස්ටර් සමුගිනියි

0
512

මිගමුව වැල්ලවීදියේ ඇලස් පාර අංක 56 දරන නිවසේ විසු විශ්‍රාමලත්
විදහල්පති මයිකල් ප්‍රනාන්දු මහතා 2014 පෙබරවාරි 18 දින අභාවප්‍රාප්තවිය.
1940 වසරේ  පෙබරවාරි මස  04 දින  හලාවත මුන්දලමේ දී  උපන් ඔහු  මූලික අධ්‍යාපනය ලැබුවේ  හලාවත සාන්ත මරියා විදුහලෙන්ය.  1964 අගෝස්තු 27 දින මිගමුවේ  ලිඩ්වින් අසුන්තා ප්‍රනාන්දු සහ මයිකල්  ප්‍රනාන්දු මහතාගේ විවාහය සිදුවිය ඔහුට එක් පුතෙක්ද දියනියන් සිව් දෙනෙක්ද සිටී. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුරුවරයකු ලෙස සේවය ආරම්භ කළ අතර මුන්නක්කරයේ සාන්ත නිකලස් විදුහලෙන් අනතුරුව අවසන් වරට මිගමුව
කාමච්චෝඩය මුස්ලිම් විදුහලේන් විශ්‍රාම යනතෙක් විදුහල්පති ලෙස එම පාසලෙම සේවය කළේය. මෙම විදුහල් ඉතිහාසයේ එකම සිංහල විදුහල් පතිවරයාද ඔහු විය.
එපමණක් නොව දෙමළ භාෂාවෙ හසල දැනුමක් ඇති මයිකල් ප්‍රනාන්දු මහතා දෙමළ කාව්‍ය දෙමළ ප්‍රස්ථා පිරිලු භාවිතයටද දක්ෂයකි.
SAM_7500
මයිකල් ප්‍රනාන්දු මහතා විනෝදාංශයක් ලෙස බිලි බැම කල අතර දෙමළ පැරණි ගිත වලටද කැමත්තෙකි.වැල්ල වීදිය ප්‍රදේශයේ කාගේත් ගෞරවයටද ඔහු පාත්‍රවිය.  ඔහුගේ අවසන් කටයුතු  සිදුවිමට පෙර කාමච්චෝඩය මුස්ලිම් ජනයා වෙනුවෙන් ගුණකථනය සිදුකරන ලද්දෙ මිගමුව කාදි මහෙස්තත්‍රාත් ආචාර්ය අල්හාජ්  හස්බුල්ලාහ් මව්ලවි තුමා විසිනි.  ඔහුගේ අවසන්  කටයුතු 22 දින වැල්ල විදිය සා. සෙබස්තියන් දේවස්ථානයේ  දේවමෙහෙය සිදුකරන ලදි. මෙම සටහන මයිකල් ප්‍රනාන්දු විදුහල්පති මහතාට  කෘතගුණයක් පිනිසය.
SAM_7497SAM_7513n

SAM_7507
සටහන සහ ඡායාරූපයන්-  සුජාඉල් මුනිර්