ප්‍රංශයේ ” දුවිල් ” ආසියානු සිනමා උළෙලට ලංකාවෙන් මාලනී

0
84

malani 

 ආසියානු සිනමාව ඇගයීමට ලක් කෙරෙන යුරෝපයේ ප්‍රමුඛතම සිනමා උළෙලක් වන ප්‍රංශයේ “දුවිල් ” සිනමා උළෙල මාර්තු 6 වෙනිදා සිට 9 වෙනිදා දක්වා පැවැත්වේ . 16 වෙනි වරට මෙවර පැවැත්වෙන සිනමා උළෙල සදහා ඇරයුම් ලැබූ විශේෂිත ආරාධිතයන් අතර සම්මානනීය නිලි මාලනී ෆොන්සේකාද වෙයි .තායිවානයේ චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වූ තසායි මින් ලියන් සහ ජපානය නියෝජනය කරමින් හිදිඕ නකටා චිත්‍රපට අධ්‍යක්ෂකවරයාද ඇරයුම් ලබා සිටි . 

මාලනී ෆොන්සේකා විශිෂ්ථ රංගනයන් එක්කල ලෙස්ටර් ජේම්ස් පිරිස්ගේ  “නිධානය” ධර්මසේන පතිරාජගේ “බඹරු ඇවිත්” සහ ප්‍රසන්න විතානගේ ” ආකාස කුසුම්” සිනමාපට  මෙහිදී ප්‍රදර්ශනය කිරීමට නියමිතය.

දුවිල් සිනමා උළෙලේ තරගකාරී අංශය වෙත දකුණු කොරියාව , පිලිපීනය ,කසකස්ථානය , චීනය , ඉරානය ,ඉන්දුනීසියාව , සහ ඉන්දියාව  නියෝජනය කරමින් සිනමාපට 8 ක් ඉදිරිපත්ව තිබේ .තරගකාරී අංශය වෙනුවෙන් සම්මාන පහක් ප්‍රදානය කෙරෙන අතර ප්‍රේක්ෂකයන්ගේ ජන්දයෙන් තෝරාගත් සම්මානයක්ද පිරිනැමේ . එය පසුගිය වසරේ සිට ඇරඹිණි .

ඊසාන දිග ප්‍රංශයේ නෝමන්දී කලාපයේ සුන්දර නගරයක් වූ දුවිල් හි මෙම ආසියානු සිනමා උළෙල ඇරඹියේ 1999 වසරේදී ය .

මේ සදහා සිය අනුග්‍රහය ලබා දෙන බව  ප්‍රංශයේ ශ්‍රීලංකා තානාපති කාර්යාලය නිවේදනය කර ඇත. ප්‍රංශයේ වත්මන් ශ්‍රීලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හඟවත්ත 70-80 දශකයේ සිනමා රංගන ශිල්පියෙකි .ඔහු විවාහවී සිටින්නේ රාජපක්ෂ ආණ්ඩුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ද වන මෙම සිනමා උළෙලේ විශේෂ ආරාධිතයෙකු වූ මාලනී ෆොන්සේකාගේ නැගණියක් වන රසාදරී ෆොන්සේකා සමගිනි. ඇයද 80 දශකයේ ජනප්‍රිය රංගන ශිල්පිනියකි .

සටහන – අ.වී.