ලක්ෂ 1000 ක් මැතිවරණයට..? වත්තලින් ලක්ෂ 350 කට කාර්යාලයක්?

0
58

homeගම්පහ දිස්ත්‍රික්ක සන්ධාන අපේක්ෂකයෙකු ගැන පසුගිය දිනවල මාධ්‍ය වල කථා බහට ලක්වුයේ ඔහු මැතිවරණයට වැය කිරිමට සුදානම් වන මුදල පිළිබදවය.ඒ සැලැස්මුට අනුව මාධ්‍ය සදහා පමණක් වෙන්කර ඇති මුදල ලක්ෂ 60 කි.
මහ ඇමති සිහිනය දරා සිටින මේ අපේක්ෂකයා මාධ්‍ය වෙත හෙළිකර සිටියේ ඒ සදහා නම්  රු ලක්ෂ 1000 අවැසි බවය.
මේ සැලැස්ම මත හිදිමින් දැන් ඔහු  ලක්ෂ ගණනින් මුදල් වැය කරමින් සිටින අයුරු ගම්පහ දිස්ත්‍රික්කයම දැන් බලා සිටි.
මේ අතර අපට පසුගිය දිනක ඉතා විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට ලැබුනේ මේ අපේක්ෂකයා විසින් රු ලක්ෂ 350 ක මුදලකට වත්තල ප්‍රදේශයෙන් නිවසක් ද මිළට ගෙන ඇති බවය.
වත්තල ආසනයේ සංවිධායකධුරය ලබාගැනිමද ඔහුගේ  ඉටු නොවුන තවත් සිහිනයක්ව පවති.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ  අපේක්ෂයාට ප්‍රබලතම අභියෝගය එලි පිට එල්ලකරමින් මැතිවරණ  ව්‍යාපාරයේ යෙදුන රොයිස් ප්‍රනාන්දු රුපියල් ලක්ෂ 200 ක් කොල්ල කෑම සදහා සැලැසුම් කරන ලද්දේ යැයි කියමින් දැන් අධිකරණයට ඉදිරිපත් නොකර පොලිස් භාරයේ රදවා තබාගෙන ඇත.
ඔහුගේ නිවසට හෝ පැමිණ කිසිදු පරික්ෂාවක් නොකළ පොලිසිය රොයිස් ව අත්අඩංගුවට ගත්තේ මීගමුව නගරය තුල මොටර් රථයකින් ගමන් කරමින් සිටියදිය.
ශ්‍රි ලංකා පොලිස් ඉතිහාසය තුල වැඩියෙන්ම අප්‍රසාදයට පත් මාධ්‍ය ප්‍රකාශකයා ලෙස කරලියට එක්ව සිටින නිතිඥ අජිත් රෝහන මහතා ලෝකයා හමුවේ හෙළි කළ ජුවෙල් ලංකා මංකොල්ලයේ මුදලින් කොටසක් රොයිස් ප්‍රනාන්දු ලග තිබි සොයා ගත්තේ කියාය.
මේ ප්‍රකාශය මගින් ඔහු අගවන්නට සුදානම් වුයේ  මේ සල්ලි සියල්ලම මංකොල්ල කැ සල්ලි යනුවෙනි.
එහෙත් පොලිස් ප්‍රකාශක මෙසේ කියා ඇත්තේ රොයිස් විජිත  ඔහුගේ මෝටර් රථයේ යමින් සිටියදි ඔහු සතුව තිබු ලබාගත් රු එක්ලක්ෂ අසු තුන්දහසක මුදල පිළිබදවය.
ඒ මුදල් ජුවෙල් ලංකා මුදල්ම බව රටට කියන්නට තරම් වෘත්තිය ගරුත්වය කෙලෙසා ගත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආණ්ඩු පක්ෂයෙන් තරග වදින මහජන මුදල් කිසිදු හිරිකිතයකින් තොරව ගසා කන දේශපාලකයන් හට අපෙක්ෂකත්වය දුන්නේ ඇයිදැයි අසන්නේ නැත.
එවන්  දේශපාලකයන් හට  සුපිරි සංචාරක හෝටල් 4 ක් ඇත්තේ කොහෙන් හම්බකරගත් මුදල් වලින්දැයි අසන්නේ ද නැත.
සියළුම අපේක්ෂකයන්ගේ වත්කම් බැරකම් විස්තර  ඉල්ලා සිටි මැතිවරණ කොමසාරිස් පවා මේ කියන  දේශපාලකයා ගැන නොදන්නේද ?