කැලැරිස් මව්තුමිය …….

0
259

වයස සහ නුතනත්වය ගැන කථා කරන්න කිසිම බාධාවක්  නොවන බව මා  හට නැවත වරක් පසක් කර  දුන් පැවිදි මවක් විය.
අපේ පුවත් පත ගැනත් අළුත් වැඩ ගැනත් විමසා තොරතුරු දැනගැනිමට ඇය තුල වුයේ කිසිදා අවසන් නොවන උනන්දුවකි.
ඇත්තටම ඇය දිරිය මවකි.
මේ ඇය පිළිබදව මාධ්‍යෙව්දිනී මෙලනි මානෙල් විසින් එෂියා නිව්ස් වෙත තබන ලද ලිපියේ සිංහල පරිවර්තන සටහනකි.

Sr.Claris
96 වියැති ක්ලැරිස් මවිතුමිය ශු.පවුලේ නිකායේ සාමාජිකාවකි. ඇගේ ප්‍රධානතම දැක්ම වූයේ සිය හාම්පුතුන්ගෙන් සූරාකෑමට ලක්වන කටුනායක නිදහස් වෙළද කලාපයේ තරුණ සේවක සේවිකාවන් වෙනුවෙන් පෙනී සිටීමයි. ඇගෙන් අධ්‍යාපනය ලැබූ දහස් සංඛ්‍යාත බෞද්ධ හින්දු මුස්ලිම් පිරිස්ව ඇය මතක් කරන්නේ ඉතාමත් සතුටකිනි.

කොළඹ දිස්ත්‍රික්කය පුරා තම සේවය සැපයූ ඇය මේ වන විට වෙන්නප්පුව කන්‍යාරාමයේ තම සැදෑසමය ගතකරන්නීය.”මගේ උපරිමයෙන් මම හැකිතාක් වැඩකරා දැන් මම මගේ සැදෑසමය යාච්ඤාවෙන් ගතකරනවා.” ඒ ඇගේ වචනයි.

1940දී මං කුඩා දරුවෙකුව දංකොටුව ග්‍රාමයේ වෙසෙන කාලයේදී තමයි දෙවියන් වහන්සේට මාව අවශ්‍ය වුනේ.මම අධ්‍යාපනය ලැබුවේ වෙන්නප්පුව ආරාමයේ.මා කුඩාකල සිටම කන්‍යාසොයුරියන්ට කැමැත්තක් දැක්වූවා. මං කන්‍යාසොයුරියක්ව දුටු විට ඔවුන් දෙස ආසාවෙන් බැලුවා.මාගේ ඉගැනීම අවසන් වූ පසු මට පුලුවන් වුනා මගේ ආසාව ඉෂ්ථ කරගන්නට.ව මම ශු.පවුලේ කන්‍යාසොයුරියක් බවට පත්වුනා. එලෙසම මම ගුරැවරියක් ලෙස විවිධ බාලිකා පාසල් වල ඉගැන්නූවා” ඒ ඇගේ වචනයි.

රජයේ විවෘත ආර්ථිත ක්‍රමය යටතේ කටුනායක ආරම්භ කල නිදහස් වෙළද කලාපයේ සේවය කල තරුණ තරුණියන් වෙනුවෙන් ඇය උදව් කිරීමට නිරන්තරයෙන්ම කැපවී සිටියාය. ඇය පවසන පරිදි එවකට කටුනායක ඇගළුම් කර්මාන්තශාලා වල සේවය කිරීමට පැමිණෙන තරුණ තරුණියන් ඒ අවට කුඩා බෝඩිම් වල වෙසෙමින් අසල කඩවල් වලින් අවශ්‍ය දේ මිලදී ගනිමින් ජීවත් වුනා. එය වාසියක් බවට පත් කරගත් කඩහිමයන් වැඩිමිලට බඩු විකුණමින්  තරුණයන්ට පීඩා කරන බව දැනගත් ඇය අඩුමිලට සහල් පොල් පොල් තෙල් එළවළු කරවල මිලට ගෙන තරුණයන්ට ලබා දීමට තීරණය කලාය.එම ක්‍රියාව ඇයට විවිධාකාරයේ සබදකම් ගොඩනගගෙැනීමට පිටිවහලක් වුවාය.

“මේ තත්වය කඩහිමියන්ට හා ව්‍යාපාරිකයන්ට දරාගැනීමට හැකිවුයේ නැහැ.ඔවඅන් අපව නවතන්නට උත්සහ ගත්තා. “ඇය එසේ පවසන්නීය. තවද මෙලෙස “වෙළද කලාපයේ කම්කරුවන්ට උදව් කල කණ්ඩායමේ සාමාජිකයෙකු වූ ෆ්‍රෙඩීව දිනක් පොලිස් අත්අඩංගුවට පත්වුණා. මම ඒ ගැන දැනගත් වහාම පොලීසියට ගිහින් ඔහු අහිංසක බවත් මා ඔහු හදුනන බවත් ප්‍රකාශ කලත් ඔහුව නිදහස් කලේ නැහැ.නමුත් මම පොලිසීයේම රැදී සිටිමින් ඔහුව නිදහස් කරන ලෙස යාච්ඤා කලා. එදින සවස් වන විට ඔහුව නිදහස් කරණු ලැබුවා.” ඇය තවදුරටත් පවසන්නීය.

Sr

මෙලෙස වසර 5ක් පමණ වෙලද කලාපයේ කම්කරුවන් වෙනුවෙන් වෙහෙසුන ඇය පසුව වෙනස් වන්නට අවශ්‍ය වූවන් වෙනුවෙන් ඉගැන්වීමටත් ජේසුතුමන් ගැන කතාකිරිමටත් පටන් ගත්තාය.” මේ ක්‍රියාව මාගේ සම්පූර්ණ කැපවීමට හා සතුතට හේතු වුනා.මන්ද කිතුණු දහම වැලදගැනීමට අවශ්‍ය බොහෝ දෙනෙක් සමග සමීප සබදතාවන් පවත්වා ගැනීමට මට හැකිවුනා.විශාල පිරිසක් වෙස්වීම සදහා මා වෙත පැමිණයා. විශාල බෞද්ධයන් ප්‍රමාණයක් වගේම හින්දු සහ මුස්ලිම් පිරිසකුත් ඒ අතර සිටියා” ඇය පවසයි.