සිවිල් ක්‍රියාධරයන්ට ලංකාණ්ඩුවෙන් හිරිහැර නෑ.පාකිස්ථානය කියයි

0
129

ඇමරිකාව ඇතුළු රටවල් 4 ක් විසින් ශ්‍රිලංකාව සම්බන්ධයෙන් ගෙන එන යෝජනාව පිළිබදව සාකච්ජාවක් 2014 මාර්තු 07 වනදා සවස 4ට එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සලයේ 21 වන රැස්විම් ශාලාවේදි පැවැත්විණි.
මේ සදහා විවිධ රටවල් නියෝජනය කරමින් විශාල පිරිසක් රැස්ව සිට ඇත.
එමෙන්ම සිවිල් සමාජ සංවිධානය  නියෝජනය කරමින්ද විවිධ පිරිස් එහි රැස්ව සිටියේය.
ඇමරිකාව විසින් සකස් කර තිබුණ කරුණු 25 කින් සමන්විත යෝජනාවලිය පිළිබද කරන ලද මුළික හැදින්විමනේ පසුව ඒ සදහා මුල්ම ප්‍රතිචාරය ලබා දි තිබුනේ ජිනිවා නුවර ශ්‍රිලංකා තානාපති රවිනාථ  ආරියසිංහ මහතා විසිනි.  මේ කරුණු දැක්විම අවසන් වනවාත් සමගම ඔහු රැස්විම් ශාලාවෙන් නැගිට ගියේය.
යෝජනාවලියේ ඇති එක් එක් කරුණ පිළිබදව රටවල් වල නියෝජිතයන් විසින් සිය අදහස් පළ කරන ලද අතර අප්‍රිකානු රටවල නියෝජිතයන් මෙහිදි අදහස් නොදක්වා සිටිම විශේෂයෙන්ම දක්නට ලැබුණි.
එමෙන්ම ඉන්දියාව මේ සම්බන්ධයෙන් කිසිදු අදහසක් ඉදිරිපත් නොකිරිම මෙහිදි වඩාත් කැපි පෙනනු අතර මේ සියල්ලට වඩා කාගේත් අවධානයට ලක්ව තිබුනේ පකිස්ථාන නියොජිතයා විසින් දිගින් දිගටම මැදිහත් වෙමින් ශ්‍රිලංකාව බේරා ගැනිම සදහා ගන්නා ලද උත්සාහයයි.
විශේෂයෙන්ම සිවිල් සාමාජ ක්‍රියාධරයන් සදහා කිසිදු ගැටළුවක් ලංකාව තුලදි සිදුව නැති බවට කරන ලද ප්‍රකාශය සමබන්ධයෙන් ශාලවේ සිටි සිවිල් සමාජ සංවිධාන ක්‍රියාධරන්ගේ තියුණු විවේචනයකට ලක් කෙරුණි.
ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය  නියෝජනය කරමින් රැස්විමට සහභාගිව සිටි නියෝජිතයෙකු එම අවස්ථාවේදිම නැගිට ගොස් පාකිස්ථාන නියොජිතවරයාගේ ප්‍රකාශය ගැන නොසතුට පළ කර සිටිනු දක්නා ලදි.
මෙහි දෙවන සැසිය 2014 මාර්තු 10 වනදා පෙරවරු 11 ට පැවැත්විමට නියමිතය.