“Come Home Malaysia Airlines Flight MH370”

0
53

MH 370  යානය  සහ එහි ගමන් ගත් මගීන් ගැන  ගැන ලොව සියලු දෙනාගේම හදවත් සසල වී ඇත. මාර්තු 08 වනදා මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට බීජිං බලා ගමන් ගත් මෙම මැලේසියානු එයාර් ලයින් සමාගමට අයත් එම අහස් යානයේ මගීන් 239 දෙනෙකු සිටියේය.
ඔවුන් පිළිබඳව තවමත් කිසිදු තොරතුරක් නොමැත.
MH 370  යානයේ අද්භූතාකාර අතුරුදහන්වීම ගැන විවිධ සැක පහළ කිරීම් හැරෙන්නට තවමත් මැලේසියානු රජයට මෙම ගුවන් යානය තිබෙන ස්ථානය පිළිබඳ හඳුනාගැනීමට හෝ එහි ගමන්ගත් මගීන් ගැන කිසිදු තොරතුරක් සැපයීමට නොහැකි වී තිබේ.
යානයේ  අතුරුදහන්වීමත් සමගම ගෙවුණ සතිය  මගීන්ගේ ඥාතීන් හා මිතුරන්ට ඉතා වේදනාකාරි විය.
MH 370 යානයට සිදුවූයේ කුමක්ද පිළිබදව  කිසිදු සහනදායී තොරතුරක් නැතිකමින් බොහෝ දෙනා කලකිරීමට පත්වූහ. ඒ පිළිබදව තමන්ගේ කණගාටුව පළකරමින් මැලේසියානු බලධාරීන්ට දෝෂාරෝපණය කළෝය.
සමහරක් අය සයිබර් අවකාශය තුළ තමන්ගේ හැඟීම්,අදහස් සටහන් කළහ.
මෙම ගුවන් යානයේ ගමන් ගත් අයගේ  ඥාතීන් ඔවුන්ගේ ආදරණීයයන් ගැන විවිධ මතක සටහන් තබන්නටත්  යාඤා කරන්නටත් පටන් ගත් අතර MH 370 යානය මැලේසියානු ජාතිකයින්ව මොහොතකට එකමුතුකමින් වෙලෙන්නට අවස්ථාවක් සැලසුවා බදුය.
පහන් දැල්වීම්, සාමුහික යැදුම් වලින් මැලේසියානු ජාතිකයින් MH 370 යානය සහ මගීන් වෙනුවෙන් බලාපොරොත්තු මුදාහරිමින් සිටිති. සැමරුම් , සුබ පැතුම්, ආයාචනා රැදි සිතුවම් සෑම තැනකම දිස්වේ.
තමන්ගේ ආදරණීයයන් පිළිබදව මෙවැන් වූ මොහොතක් ගතකරන්නට සිදුවීම මනුෂ්‍යයින් වන සියලුදෙනාට ඉතාමත් දුෂ්කර වූ ක්‍රියාවකි. එනමුත් MH 370 යනු අප ජීවත්වන ලෝකය පිළිබඳ ඇත්ත කතාවකි. යථාවකි. pale
BilbrHFCcAAYfsN
BilZBEuCIAAWGg-ඡායා – Global voice