මීගමුවත් රාජපක්ෂ බල පොරයේ මර්මස්ථානයක්ද..???

1
55

ශ්‍රිලනිපය අද අන්කවරදාවත් නැති අර්බුදයක ගිලියමින් තිබේ.රාජපක්ෂ පවුල විසින් පක්ෂයේ සියළු බලතල තමන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුකූලව  හැසිරවිම සහ මුදල් හම්බකිරිමේ මාර්ග පවුලේ අයිතියක් පමණක් ලෙසින් ක්‍රියාත්මක කිරිම මත කලක පටන් පක්ෂය තුල පැවැති පිළ් බෙදිම භාරත ලක්ෂමන් ඝාතනය හරහා දැන් ප්‍රසිද්ධියේ ප්‍රකාශමාන වන තත්වයක් උද්ගතව ඇත.මෙහි කෙන්ද්‍රීය කරුණ බවට පත්ව ඇත්තේ පැරණි ශ්‍රිලනිප ක්‍රියාධරයන් එජාපයෙන් ශ්‍රිලනිපයට එක්වු අය අතර ඇතිව තිබෙන ගැටුමයි.භාරත ලක්ෂ්මන් ඝාතනයට ලක් වන්නේ එවැන්නෙකු අතිනි.

දැන් මීගමුව ද  උණුසුම් ව ඇත.ඒ පළාත් සභා ඇමති නිමල් ලංසාගේ නිවස විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ පරික්ෂාවකට ලක්කිරිමත් සමග එය දිවයින පුවත්පතේ මුල් පුවතවිම හේතුකොටගෙනය.මේ සිදුවිම නිසා ඇමති නිමල් ලංසා ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සැම මහත් කම්පාවකට  පත්ව ඇතැයි වාර්ථාවේ.

මෙවැන්නක් සිදුවුයේ ඇයි ? සිද්ධියෙන් පසු අද උදෑසන ඇමැති බැසිල් රාජපක්ෂ, ඇමති නිමල් ලංසාගේ නිවසට පැමිණි  තිබුන අතර මෙහි විශේෂම පුවත වන්නේ අද දවහල් 11 ට පමණ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙලිකොප්ටරයකින් එහි පැමිණ තිබිමයි.

රාජපක්ෂ පවුලේ බලපොරය තුල අද බැසිල් සහ මහින්ද සිටින්නේ දෙපිලකය.අප කව්රුත් දන්නා පරිදි ඇමති නිමල් ලංසා යනු අද බැසිල් පිළ ශක්තිමත් කරන්නට සිටින තරුණ දක්ෂතම දේශපාලකයෙකි.ඔහුගේ ඉතිහාස පවුල් සම්භවය ඇත්තේ එජාපය තුලය.1994 වසරේ ඇමැති නිමල් ලංසාගේ පියා පිලේන්ද්‍ර ලංසා ප්‍රබල එජාප පාක්ෂිකයෙකි.

මීගමුව ආසන සංවිධායක සරත් ගුණරත්න ශ්‍රිලනිප නියෝජනය කරමින් දශක ගණනාවක් පක්ෂය රැකගත් පැරැන්නෙකි.

දැන් මීගමුවේ ගැටුම ඇත්තේ මේ දෙදෙනා  අතරය.

ඊයේ සිදුවිම යනු අහම්බයක් විය නොහැක.මේ සමස්ථ බලපොරයේ තවත්  නාටකයක් විය හැක.

ඉහල කිසිවෙකු නොදැන මේසා විශාල භට පිරිසක් ඇමති වරයෙකුගේ නිවසක් වටලනු ඇතැයි සිතිය හැකිද.. ජනාධිපතිවරයා හෙලිකොප්ටරයකින් ඇමැති ලංසාගේ නිවසට  පැමිණෙන්නේ ඇයි.? .මේ සියල්ල අප කියවන්නට පටන් ගත යුත්තේ මෙගා ටෙලිනාටකයක කොටස් ලෙසින්ය.මෙහි ඊලඟ ජවනිකාව තින්දු කරනු ඇත්තේද මෙහි අධ්‍යක්ෂක වරුන් විසින්මය.

ඇමති නිමල් ලංසා  මේ නාටකය හොදින් තේරුම් ගෙන හෝ නොගෙන ඔහුගේ  හැකියාවත් දේශපාලන අනාගතයත් ඉහල ලංසුවක තබා ගනුදෙනුවක සිටින බව පෙනෙයි. නමුත්   රාජපක්ෂ බලපොරය තුල ඇමැති නිමල් ලංසා යනු තවත් එක් ඉත්තෙක් නොවේද..??.

1 COMMENT

Comments are closed.