PHI ලා ජන්ද වැඩවල, පිස්සු බල්ලෝ නිදැල්ලේ

0
401

මේ දිනවල මීගමුව මහනගර සභාවේ සෞඛ්‍ය අංශයේ සෞඛ්‍ය නිලධාරීන්ද  බස්නාහිර පළාත් සභා ප්‍රචාරක වැඩවල යොදවා ඇති අතර මැතිවරණ නිති වලට අනුව රාජ්‍ය දේපළ හෝ රාජ්‍ය සේවකයන් මෙම මැතිවරණ රාජකාරි වල යෙදවීම තහනම්වේ.  මීගමුව නගර සභාවේ තත්ත්වය මෙසේ වන කළ පසුගිය දවසක මීගමුව නිව්සට් විදුහලේ   දී සිසුවියන් හතර දෙනෙකුව සුනඛයෙකු සපා කෑ අතර හම සුනඛයා ඊට පසු එම් ස්ථානයෙන් පලාගොස් ඇත. මීගමුව නගරයේ ඇති මෙවැනි මහජනතාවට බලපාන සෞඛ්‍ය ප්‍රශ්න වෙනුවෙන්  අවධානය යොමුකිරීමට එම්.ඕ.එච් කාර්යාලයට හැකියාවක් නෙමැති අතර  ඔවුන්ට ඊට වඩා සිදුව ඇත්තේ දේශපාලඥයින්ගේ  වැඩවලට කඩේ යෑමටය. එම නිසා නගරයේ සිටින පිස්සු බල්ලන් ගැනවත්  නගරයේ අපිරිසිදුව හෝටල් ගැනවත් සෙවීමට ඔවුනට වේලාවක් නැත.577204_10201712207273037_1276691160_n