මීගමුව සංවිධායකධුරය ලංසාටද,සරත්ටද ????

0
84

මීගමුව දැන් දිනපතා ජාතික පුවත් මවන නගරයක් බවට පත්වෙමින් තිබේ.මේ අතර මීගමුවේ සංවිධායකධුරය ගැනද ප්‍රසිද්ධියේ විවිධ කථා එළිදැක්මෙමින් තිබේ.නියෝජ්‍ය අමාත්‍ය සහ සංවිධායක සරත් ගුණරත්න මෑතකදි ප්‍රසිද්ධියේ කියා තිබුනේ තමන්ගේ සංවිධායකධුරය උදුරාගැනිමට සුදානමක් ඇති බවය.වාර්ථා වන අන්දමට ලබන වසරේ මෙහි වෙනසක් සිදුවනු ඇත.

නිමල් ලංසා ලක්ෂ ගණන් වැය කර තම පවුලට ලබාගත් නගරාධිපතිධුරය පවා පරිත්‍යාග කලේ යම් කිසි මතු බලාපොරොත්තුවකින් බව මීගමුවේ දේශපාලන විචාරකයන්ගේ මතයයි.දයාන් ලංසා කොයි තරම් නොසතුටට පත්වුවද ලංසාගේ පාර්ලිමේන්තු සිහිනය වැටි ඇත්තේ මේ  සියල්ල හරහාය.

සංවිධායක සරත් ගුණරත්න මහතාගේ එකම ඉල්ලිම වු දයාන් නගරාධිපති නොකිරම දැන් ඉටුව තිබේ.ඒ අනුව ඔහු මේ වටයේ දිනුම්ය.එහෙත් ඊළඟ වටයේ දි ඔහුට මීගමුව අතහැර වත්තලට මාරුවෙන ලෙස ඉල්ලා සිටියහොත් සිදුවනු ඇත්තේ කුමක්ද..???