නිමල් ලංසාට එරෙහිව පැමිණිලි 351 ක්

0
73

මෙවර පළාත් සභා මැතිවරණයේදි මැතිවරණ දූෂණ සම්බන්ධයෙන් වැඩිම පැමිණිලි ඇති අපෙක්ෂකයන් ලෙසි ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය විසින් හෙළිකර ඇත්තේ බුද්ධදාස, ලන්සා සහ රාසපුත්‍ර යන අයගේ නම්ය

මෙයින් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් වාර්තා කල අපේක්ෂකයා වූයේ බස්නාහිර පලාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක හෙලූහේවගේ මංජුල බුද්ධදාස වන අතර ඔහුට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 384 කි. ඒවා අතර පුද්ගල පහරදීම් හා නීති විරෝධී බැනර් කටවුට් කාර්යාල පෝස්ටර් හා අංක තහඩු නොමැති වාහන ධාවනය ඇතලූව රාජ්‍ය දේපල අනිසි පරිහරණය යන චෝදනා ඇති බව වාර්තා වේ.

සන්ධාන අපේක්ෂක නිමල් ලන්සා හා චන්දිම රාසපුත්‍රට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 351 ක් ලෙස දැක්වෙන අතර ඊයේ දිනයේදී මාතර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පහර දී මරණීය තර්ජන එල්ල කිරීම හේතුවෙන් චන්දිම රාසපුත්‍රට එරෙහිව පුද්ගලිකවමද පැමිණිල්ලක් පොලීසිය වෙත ලැබී ඇත. පසුගියදා ජාතික රූපවාහිනියේ සිදුකල පහරදීමක් හේතුවෙන් චන්දිම රාසපුත්‍ර ගේ සොහොයුරා වූ ගාමිනී රාසපුත්‍ර ද මේ වන විට වැඩ තහනම් වී ඇති බව අප විසින් වාර්තා කෙළෙමු.

මුලාශ්‍රය www.lankaenews.comHandala1_600px_14_01_20

 

 

බුද්ධදාස, ලන්සා සහ රාසපුත්‍ර සියල්ල පරදවා ඉදිරියට එති: මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක්: මනාප නොදෙනවාටත් මුදල් ගෙවයි-----

(ලංකා ඊ නිව්ස් -2014.මාර්තු.28, ප.ව.11.30) දැඩි උණුසුමක් බලාපොරොත්තු වූ බස්නාහිර දකුණ පලාත් සභා සටනේ අවසන් දිනයට තව ඇත්තේ පැය කිහිපයකි. සමස්ථයක් ලෙස මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම් පිලිබඳ මැතිවරණ නිරීක්ෂණ ආයතන වෙත වාර්තා වූ පැමිණිලි සංඛ්‍යාව 1600 කට අධිකය. මනාප වලින් කෙසේ වෙතත් පැමිණිලි වලින් ඉදිරියෙන්ම ඉන්නේ බුද්ධදාස ලන්සා සහ රාසපුත්‍රය.

මෙයින් වැඩිම පැමිණිලි ප්‍රමාණයක් වාර්තා කල අපේක්ෂකයා වූයේ බස්නාහිර පලාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක හෙලූහේවගේ මංජුල බුද්ධදාස වන අතර ඔහුට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 384 කි. ඒවා අතර පුද්ගල පහරදීම් හා නීති විරෝධී බැනර් කටවුට් කාර්යාල පෝස්ටර් හා අංක තහඩු නොමැති වාහන ධාවනය ඇතලූව රාජ්‍ය දේපල අනිසි පරිහරණය යන චෝදනා ඇති බව වාර්තා වේ.

සන්ධාන අපේක්ෂක නිමල් ලන්සා හා චන්දිම රාසපුත්‍රට එරෙහිව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 351 ක් ලෙස දැක්වෙන අතර ඊයේ දිනයේදී මාතර දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට පහර දී මරණීය තර්ජන එල්ල කිරීම හේතුවෙන් චන්දිම රාසපුත්‍රට එරෙහිව පුද්ගලිකවමද පැමිණිල්ලක් පොලීසිය වෙත ලැබී ඇත. පසුගියදා ජාතික රූපවාහිනියේ සිදුකල පහරදීමක් හේතුවෙන් චන්දිම රාසපුත්‍ර ගේ සොහොයුරා වූ ගාමිනී රාසපුත්‍ර ද මේ වන විට වැඩ තහනම් වී ඇති බව අප විසින් වාර්තා කෙළෙමු.

කිසිදු උණුසුමක් නොමැතිව නිදහස් හා සාධාරණ මැතිවරණයක් වෙනුවට දූෂිත හා නීති විරෝධී මැතිවරණ ව්‍යාපාරයක් මෙවර මැතිවරණයේදී දිස්විය. කඩුවෙල මාලඹේ බත්තරමුල්ල පැලවත්ත යන නගර පෝස්ටර් හා කටවුට් වලින් නහවා ඇති මංජුල බුද්ධදාස මේ වන විට මුදල් ඛෙදීම් පවා සිදු කරන බවට පැමිණිලි ලැබී තිබුණද ඒ පිලිබඳ පියවර නොගන්නා ලෙස පොලීසියට උපදෙස් ලැබී ඇති බව නවගමුව පොලිස් අරංචිමාර්ග සඳහන් කරයි. මොහු විසින් මේ වන වෙනත් අපේක්ෂකයන්ගේ නම් සහ තමන්ගේ අංකය සහිත කුඩා කාඩ්පත් දිස්ත්‍රික්කය පුරා ඛෙදා හැර ඇති අතර ඒ ඒ පලාත් හී ප්‍රසිද්ධ අපේක්ෂකයාගේ නම හා තමාගේ අංකය ඊට යොදා ඇත. මාතර දිස්ත්‍රික් අපේක්ෂක චන්දිම රාසපුත්‍ර හා ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක ප්‍රසන්න රණතුංගද ලක්ෂ්මන් ගුණවර්ධනද එම ක්‍රියාව අනුගමනය කර ඇත. මේ පිලිබඳ මැතිවරණ කොමසාරිස් කාර්යාලයද දැනුවත් පරික්ෂණයක් ආරම්භ කොට ඇත.

ශ්‍රී ලංකාවේ මැතිවරණ ව්‍යාපාරයන්හි වාර්තාවක් තබමින් මෙතෙක් දක්නට නොලැබුණු අලූත්ම ක්‍රියාවක්ද අවසාන දින දෙක තුල කොළඹ දී දක්නට ලැබිණ. එනම් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හට මනාප පල නොකිරීම වෙනුවෙන් මුදල් ලබාදීමේ ව්‍යාපාරයක් කොලොන්නාව පාදක කරගෙන ක්‍රියාත්මක වී තිබීමයි. එය දියත් කර තිබුනේ සන්ධානයේම ඇමැති වරයෙක් වන භාරත ඝාතක දුමින්ද සිල්වාගේ අනුග්‍රහයෙනි.
Like · · Share · 258