රොයිස්ට දිවුරුම් දෙන්න අවසර ලැබෙයිද ???

0
51

roiesබස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රිවරුන් දිවුරුම් දිමට සදහා මීගමුව ආසන සංවිධායක රොයිස් විජිත හට ලැබෙයිද යන්න පිළිබදව අප කළ විමසුමකට පිළිතුරු දුන් මීගමුව මැතිවරණ කමිටුවේ ලේකම් නාගරික මන්ත්‍රි ගිහාන් ප්‍රනාන්දු මහතා පවසා සිටියේ ඒ සම්බ්න්ධයෙන් අදාල නිතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පක්ෂයේ නීතිය අංශය අදාල උපදෙස් මේ දිනවල ලබාගනිමින් සිටින බවයි.
අදලා මංකොල්ලය සම්බන්ධයෙන් කිසිද පදනමක් ඇති සාක්ෂිද නොමැතිව මේ සිදුකරමින් ඇති රදවා තබාගැනිම එහෙම පිටින්ම රජයේ සැලැස්මක කොටසක් වියහැකි බවත් එය ඉතා හොදින් තේරුම් ගෙන ඇති ඡන්ද දායකයා රොයිස් විජිත බස්නාහිර පළාත් සභාවේ සිටිය යුතුම අයෙක් යැයි සිතා මනාප ලබාදෙමින් ඔහු පත් කර ඇති බවද කිසියම් විදියකින් ඔහු නිදහසේ මේ මැතිවරණ සටන මෙහෙයවුයේ නම් මීගමුවේ පමණක් නොව මුළු ගම්පහ දිස්ත්‍රික්කයේම ප්‍රතිඵල  ලොකු වෙනසක් සිදුවන ඇතැයි බහුතරයක් පාක්ෂියකයන් විසින් අද අවධාරණය කර සිටි.