මිනුම් දෙපාර්තමේන්තුව මෙතරම් පමා ඇයි??

0
59

unnamed
වෙන්නප්පුව මහ වැවේ ඉදිකර ඇති අනවසර ගොඩකිරීම සම්බන්ධයෙන් හලාවත ගොවිජනසේවා කාර්යාලය විසින් නඩුවක් ගොනුකර ඇති අතර පසුගිය පෙබරවාරි 21 වනදා මාරවිල දිස්ත්‍රික් උසාවියේදී   මෙම නඩුව  නැවතත් කල් දමන ලදී. ඒ වන විටත්  වැවේ මිණුම් කටයුතු පුත්තලම මිනුම් දෙපාර්තමේන්තුව විසින්  වෙන්නප්පුව  ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පිහිටා ඇති ඉඩම් අංශයට නියෝගයක් නිකුත් කර නොමැති බවත් වෙන්නප්පුව වැවේ  අදාළ මැනීම් අංශයක් විසින් සිදුකළයුතු මැනීම් කටයුතු මෙතෙක් ආරම්භ වී නොමැති බවත්  වාර්තා වේ.
වෙන්නප්පුව ‘මහ වැවේ‘ ඉදිකර ඇති මෙම අනවසර ඉදිකිරීම සිදුකර ඇත්තේ  අනිල් ප්‍රනාන්දු නමැති ව්‍යාපාරිකයෙකු විසිනි. මේ සම්බන්ධයෙන් මීළග නඩුවාරය 2014 ජුලි මාසය දක්වා කල් තැබූ බව හලාවත  ගොවිජන සේවා කොමසාරිස් කාර්යාලයෙන් විමසූ විට දැනගන්නට ලැබුණි.