මහර MOH එකේ 08 දෙනෙක් වැඩ නොකර මිඩ්වයිෆ් ලාට සපෝට්

0
98

හෙදියන්ගේ පාඨමාලාවට ‘සුත්‍රිකා පුහුණුව ‘ ඇතුළත් කිරීමට විරුද්ධව   පවුල් සෞඛ්‍ය සේවිකාවන් විසින් ආරම්භ කළ වැඩ වැරුම සඳහා වෛද්‍යවරුන්ගේ ද සහය අනියම්ව ලැබෙන බවට හොදම උදාහරණයක් ගෙනෙමින් මහර moh කොට්ඨාශයේ moh කාර්යාලයේ  සායනයට පැමිණෙන රෝගීන් හරවා යවා තිබේ. මේ වනවිට එම කාර්යාලයේ වෛද්‍යවරු 05 දෙනෙකුත් හෙදියන් 03  දෙනෙකුත් සේවයට වාර්තා කර ඇති අතර, මිඩ්වයිෆ් ලා නැති නිසා එන්නත් විද ගැනීමට පැමිණි මව්වරුන් හරවා යවා තිබේ. පුහුණු ශ්‍රමයක් ලැබූ හෙදියන් තිදෙනෙකු හා වෛද්‍යවරු 05 දෙනෙකු සිටින තැනක  රෝගීන්ට එන්නත් විදීමට නොහැකියාවක් නොමැත. හෙදියන්ට එන්නත් විදීමට අවශ්‍යතාවය හා හැකියාව තිබුණත් වෛද්‍යවරුන් ඒ සදහා අනුමැතියක් නොදී  මව්වරුන් හරවා යවා ඇති බව ද වාර්තා වේ. එමෙන්ම  එම හෙදියන් සේවයෙන් ඉවත්ව සිිටින බවද දැනම්දිය යුතුය. නමුත් එසේද සිදුවී නැත.
සෞඛ්‍ය සේවයේ තිබෙන ප්‍රධාන ගැටළුවක් වන පරිපාලන තනතුරු වලට වෛද්‍යවරුන් ව යෙදවීමේ විපාකය අද මහජනතාවට විදින්නට සිදුවන්නේ  වෛද්‍යවරුන් විසින් පරිපාලන  තීන්දු ගැනීමට යාම නිසා බව තේරුම් ගැනීමට මෙය හොඳම උදාහරණයකි. අද අවශ්‍ය නම් පුහුණුව ලබා ඇති හෙදියන්ට මහජන සෞඛ්‍ය සේවා සායන වල එන්නත් විදීම ඇතුළු ප්‍රතිකාර කළ හැක. නමුත් හෙදියන්ට ඉහලින් සිටින නිලධාරීන් වන වෛද්‍යවරුන් විසින්  ඒ සදහා අනුබල නොදී වැලැක්වීම් කරමින් සිටින බව වාර්තා වේ.6a00e5520572bb8834013488580068970c-800wi