ලංසාට ඇමතිකම් දිම ගැන ඇතුලෙන්ම කචල්ලු??

0
130

බස්නාහිර පළාත් සභාව් ඇමතිකම් ලබාදීම සම්බන්ධයෙන් සන්ධානය තුල විශාල ගැටුම්කාරී තත්වයක් නිර්මාණය වී ඇතැයි වාර්තා වේ. ඇමතිකම් ලබාදීම සම්බන්ධව තීරණ ගැනීමේදී සැලකිලිමත් වන ලෙස ශ්‍රීලනිප ජ්‍යෙෂඨයෝ පක්ෂ නායකත්වයට දැනුම් දී ඇත.

විශේෂයෙන් පසුගිය පළාත් සභාවේදී අමාත්‍ය තනතුරක් ලද ගම්පහ දිස්ත්‍රික් පළාත් සභා අමාත්‍ය නිමල් ලාන්සා  එම අමාත්‍යධූරයෙන් ජනතාවට සේවයක් නොකර මුදල් ගසා කෑම හා ඥාති සංග්‍රහය පමණක් කළ බැවින් ගම්පහ දිස්ත්‍රික් බොහෝ ආසන සංවිධායකයින් හා ශ්‍රීලනිප පාක්ෂිකයින් අසතුටින් සිටින බවත්, මෙතරම් මුදල් කන්දරාවක් චන්දය වෙනුවෙන් වැය කළත් නිමල් ලාන්සාට චන්ද ලක්ෂයක් පමණක් ලැබීමෙන් පෙනී යන්නේ නිසි පරිදි මුදල් වියදම් නොකර අනවශ්‍ය කාරණා ස`දහා මුදල් වියදම් කර ඇති බැවින් වියදම් කළ මුදල් කන්දරාවට සාපේක්ෂව ලැබූ චන්ද හා මනාප කිසිසේත් ප්‍රමාණවත් නොවන බව යැයි ලංකා නිව්ස් වෙඩ් අඩිවිය හෙළිකර සිටි.එමෙන්ම ඇමති නිමල් ලංසා සහ බැසිල් රාජපක්ෂ පිළිබදව ඇති සමීප සබඳතාවය ගැන ශ්‍රිලනිප ජේෂ්ඨයෝ අපුරු හෙළිදරව්වක්ද කර ඇත.

‘මෙවරත් නිමල් ලාන්සාටම ඇමතිකමක් දෙන්නට යන්නේ ඔහු බැසිල් ඇමතිතුමාගේ සියළු ජාවාරම් මෙහෙයවන සුරතලා නිසාද?’ කියාය.