රොයිස්ට ඇප ලබාගැනිමට නොහැකිවීම නිතිමය මැදිහත්විමේ අඩුවක්ද??

0
38

ජුවෙල් ලංකා  මුදල් මංකොල්ලය වෙනුවෙන් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැලැක්විමේ පණත යටතේ  මීගමුව එජාප ආසන සංවිධායක රොයිස් විජිත පසුගිය පෙබරවාරි 22 වනදා සිට රදවා තබාගෙන සිටි
ඒ පෑලියගොඩ පොලිස් අධිකාරි කාර්යාලය තුලදිය.
රොයිස් විජිත මහතාව නිදහස් කරගැනිම සදහා මැතිවරණය සමය තුලදි ගත් උත්සාහයන් වලදි පොලිසිය විසින් දැනුම් ඇත්තේ ඔහුව පෙරෙට්ටුවකට තැබිමට අවශ්‍යව ඇති නිසා එසේ නිදහස් කළ නොහැකි බවය.
සාමාන්‍ය පෙරට්ටුවක අර්ථයෙන් මේ සිදුවිමේදි එසේ කිරිමට නම් එයට කිසියම් හේතු සමුදායක් පදනම් විය යුතුය.
කෙසේ වෙතත් පළාත් සභා මන්ත්‍රිධුරය සදහා දිවුරුම් දිමට ඔහුව නිදහස් කරගැනිම සදහා මීගමුවේ නාගරික මන්ත්‍රරුවන් අදාල නිතිමය උපදෙස් ලබාගනිමින් සිටින බව මේ එක් අයෙකුගෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් පවසා සිටින ලදි.
බස්නාහිර සහ දකුණේ එජාප මන්ත්‍රිවරුන් අද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහාතා ඉදිරියේ දිවුරුම් දුන්නද රොයිස් විජිත එතන සිටියේ නැත.
මේ ප්‍රමාදය වඩාත් ශක්තිමත් ලෙසින් මේ නිතිමය මැදහත්විම් සිදුනොවිමදැයි යන ප්‍රශ්ණය දැන් දැන් පහල එජාප සාමාජිකයන් අතරේ කථාබහට ලක්වන්නට පටන් ගෙන ඇති බවක්  පෙනේ.roies-1

.