සම සෞඛ්‍ය විද්‍යා උපාධියට විණ කටින බහිරවයෝ කව්ද ?

0
167

fort p1fort p2fort p3සෞඛ්‍ය සේවාවේ ගුණාත්මක වර්ධනයක් උදෙසා සම සෞඛ්‍ය විද්‍යා උපාධී පාඨමාලාව  2005 වර්ෂයේ පැවැත්වූ උසස්පෙළ විභාගයේ ප්‍රතිළුල මත විශ්ව විද්‍යාල වලට සිසුන් බදවා ගැනීමෙන් ආරම්භ විය. ආරම්භයේදී මෙම උපාධිය වසර 4ක් පුරා ක්‍රියාත්මක වූ අතර පසුව ඇතැම් පාර්ශව වල ආකල්ප හේතුවෙන් ඇතිවූ විරෝධය නිසා 3+1 උපාධි පාඨමාලාවක් බවට පත්ව ඇත. මෙරට සෞඛ්‍ය සේවාවේ ප්‍රශස්ත වර්ධනයක් හා පැවැත්මක් උදෙසා එම ක්ෂේත්‍රයේ වැඩි දැනුමකින්  හා සායනික පුහුණුවකින් හෙබි උපාධිධාරීන් බිහිවීම අනිවාර්‍ය කරුණකි. තත්වය එසේ පවතින විට ඇතැම් පිරිස් මෙම උපාධිය අවුරුදු 3කට සීමා කිරීමට මෙතරම් වෙර දරන්නේ මන්දැයි අපට සිතාගැනීමට නොහැකිය.

2005 වර්ෂයේදී පමණ මෙම සිව් අවුරුදු උපාධි පාඨමාලාව ආරම්භ කල නිසා වසර 4ක උපාධියක් ලබාගත් කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් විශ්ව විද්‍යාල වලින් පිටවී තිබයදීත් 2009 පමණ පසු විශ්ව විද්‍යාල වලට ඇතුලත් වූ සිසුන් සදහා මෙම උපාධිය වසර 3කට සීමා කිරීමේ අරමුණ කුමක්ද ?
මෙම වසර 4ක සමසෞඛ්‍ය උපාධීය රෝහල් වල ඉහල පරිපලාන තනතුරට පවා සුදුසුකමක් වන නිසා මේ වන විට ඒ  තනතුරු හොබවන ඇතැමුන්ට මෙම උපාධිධාරීන් ඔවුන්ගේ තනතුරු රැකගැනීමට විශාල තර්ජනයක් විය හැකි නිසා, සිව් වසරක උපාධිය ලබා දීමට විරෝධය පල කරනවාද ??
අපට සිතා ගැනීමට නොහැකි කරුණ වන්නේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට කුමක් වුවද තමන්ගේ තනතුරු රැක ගැනීම සදහා සම සෞඛ්‍ය උපාධියට සුදුසුකම් ලබන දරුවන්ගේ අනාගතය බිල්ලට ගන්නට මොවුන් මෙතරම් වෙහෙසෙන්නේ අැයිද යන්නයි.

මේ හේතූන් නිසා තම උපාධිය වසර 4ක් බවට පත්කරන ලෙස ඉතා සාධාරණ ඉල්ලීමක් මුල් කර ගනිමින් දිවයින පුරා විශ්ව විද්‍යාල  කිහිපයකම සිසුන් සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇත. අනුරාධපුර නගරයේද, පේරාදෙණිය ගලහ මංසන්දියේද, ගාල්ල නගරයේද, කොටුව දුම්රියපොළ ඉදිරිපිටද මේ වන විටත් මෙම සත්‍යග්‍රහයන් ක්‍රියාත්මකය. පසුගිය දින කිහිපය තුල දිවයින පුරා සෑම දෙනාම අවුරුදු නිවාඩුව ගත කලත් මෙම ඉල්ලීම මුල් කරගනිමින් සත්‍යග්‍රහයේ යෙදෙන සිසුන් මෙවර අවුරුදු සැමරීම සදහා තම නිවෙස් වලට ගියේ නැත. එමගින් ඔවුන් ප්‍රකාශ කර සිටියේ  ඔවුන්ගේ සටන අත්හැරීමට කිසිවිටකත් සූදානම් නැති බවය. මෙම සත්‍යග්‍රහයේ යෙදෙන සිසුන් මෙම සටන ජයගත්තද මෙම සටනේ යෙදෙමින් වෙහෙසෙන සිසුන්ට බොහෝවිට වසර 4 උපාධිය නොලැබීමට බොහෝදුරට ඉඩ ඇත. නමුත් ඔවුන් මෙලෙස විශාල කැපකිරීමක් කරමින් , ඔවුන්ගේ දේශනද මගහරිමින් මේ සටන් වදින්නේ ඔවුන්ගෙන් පසු විශ්වවිද්‍යාල වලට මෙම උපාධි පාඨමාලාව සදහා ඇතුලත් වන තමන්ගේම සහෝදර සහෝදරියන්ට වඩාත් ආරක්ෂිත හා ලොකයේම පිළිගත් උපාධියක් ලබා ගැනීමේ අයිතිය තහවුරු කිරීම සදහා වීම අතිශයින්ම අගය කල යුතු කරුණකි.

ගාල්ල නගරයේ, ගලහ මංසන්දියේ හා අනුරාධපුර නගරයේ පැවැත්වෙන මෙම සත්‍යග්‍රහයන් මේ වන විට දින 100 පසුකර හමාරය. නමුත් තවමත් වගකිවයුත්තන් මේ සදහා විසදුමක් දීමට ඉදිරිපත් වී නොමැත.
එම් .ගමගේ