ආර්පිකෝ කළමණාකරු පොලිසියේදි මාධ්‍යවේදියාගෙන් සමාව ගනි.

0
139

මේ මස 12 වෙනිදා සවස මීගමුව ආර්පිකෝ සුපර් සෙන්ටර් හි කළමණාකරු මාක් ප්‍රනාන්දු මහතා විසින් එහි පැමිණි පාරිභෝගිකයෙකු හට පරුෂ වචනයෙන් බැන වැදිම පිළිබදව අද දිනයේ මීගමුවේ සුළු පැමිණි අංශයේ ස්ථානාධිපතිවරයා ඉදිරියේ අද සමාව අයැද සිටියේය.
හිරු මාධ්‍යවේදියෙකු වු ප්‍රසාද් මුතුකුඩ මහතාගේ මෝටර් රථය රථගාල තුල නවතා ලන්නට ඉඩ නොතිබුන තත්වයක් තුල ඔහු විසින් එය රථගාලට ඇතුළුවන ස්ථානයේ නවතා තැබිම සම්බන්ධයෙන් මතුව තිබුන ප්‍රශ්ණයක් හේතුකොට ගෙන ඇතිවු බහින් බස් විමකදි මේ කළමණාකරු විසින් මෙසේ පරුෂලෙසින් බැන වැදි තිබුණි.
මේ පිළිබදව මාධ්‍යවේදි ප්‍රසාද් මහතා විසින් මීගමුව පොලිසියේ සුළු පැමිණිලි අංශය වෙත යොමුකර තිබුණි.
මෙම අවස්ථාව සදහා මීගමුවේ මාධ්‍යවේදින් සහ ඇතුළු පිරිසක්ද මාධ්‍යවේදි ප්‍රසාද් මහතා හා එක්ව සහභාගිව සිටියහ.